Wednesday, 9 February 2022


 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී ඒකක 300.78 ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,081.69 ක් ලෙසින් සටහන්ව තිබුණි.
රු. බිලියන 5.28 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතියේ දෝෂයක් දක්නට ලැබී ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.
එනම් සාමාන්ය පරිදි කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 2.30 ට අවසන් විය යුතු වුවද එම වේලාවෙන් පසුව ද ගනුදෙනු කිහිපයක් සිදුවී තිබෙනු නීරීක්ෂණය වීමයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රකාශකයෙකු කියා සිටියේ එවැනි දෝෂ සහගත තත්ත්වයක් පිළිබඳව වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ෂනය කෙරෙමින් පවතින බවත්ය.
අද දින අවසන් ගනුදෙනුව පස්වරු 2.39 ට සිදුව ඇති අයුරු දැක්වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...