Monday, 14 February 2022



පෙම්වතුන්ගේ දිනය යෙදී ඇති අද (14 දා) තම අඟපස` පෙනෙන ඡුායාරූප, වීඩියෝ දර්ශන ජංගම දුරකථන මාර්ගයෙන් අන්තර්ජාලය හරහා ආදරණීයන්ට යැවීමෙන් වළකින්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා නව යෞවන වියේ පසුවන

ගැහැනුුු දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් තාක්ෂණය හරහා තම ආදරණීයයන්ට යවන ඡුායාරූප වීඩියෝ දර්ශන අනාගතයේදී තමාට කරදරයක් විය හැකි බව හෙතෙම කීය.

අද දිනයේ තම දුව හා පුතා ජංගම දුරකථන, පරිගණක භාවිත කරමින් කරන දෑ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන්න යැයි මහතා කියා සිිටියේය.

මෙහිදී තවදුරටත් කථා කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා මෙසේද කීය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා වැලන්ටයින් සමරන්නේ ජංගම දුරකථන, පරිගණක භාවිතකරමිනි. එම නිසා නව යෞවන වියේ පසුවන ආදරණීය දුවලාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ ආදරණීයයන්ට තමන්ගේ අඟපසඟ පෙනෙන ඡුායාරූප වීඩියෝ යවන්න එපා කියලා. එහෙම යැවුහොත් තමන්ට එය අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්.

මීට පෙරත් ඔයවගේ සිද්ධි සම්බන්ධයෙන් අධිකාරියට පැමිණිලි ලැබුණා. මේ ඡුායාරූප වීඩියෝ හුවමාරුව නිසා ජීවිත ඛේදවාචකවලින් අවසන් වූ අවස්ථා තියෙනවා. වගේම මේ ඡුායාරූප වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්නේ නැතුව ඉන්න ලිංගික කප්පම් ගත්ත අවස්ථාද වාර්තා වුණා.

 

රදීප් රසන්න සමරකෝන්

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...