Friday, 18 February 2022


විෂය භාර ඇමැතිවරයා වසරකින් කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය අවශ්‍ය නම් මේ වසර අගදීම එනම් සැප්තැම්බර් 20 වන දායින් පසුව පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන්නේ යැයි එම් කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

ඒ අනුව, මේ වසරේදී බොහෝදුරට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිඝන් සීභාවේ ස්වභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා අවධාරණය කළේ ය.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඡන්දය යැයි කී හෙතෙම මැතිවරණ කොමිසම ලෙස තමන් ඕනෑ ම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින බව කීය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාවක් රටේ පවතින බව ද ඒ අනුව සෞඛ්‍ය මාගෝපදේශ අනුගමනය කරමින් මැතිවරණය ක්‍රියාවට නැගිය හැකි බව ද පුංචිහේවා මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.


ජේ.ටී. ද සිල්වා

2022-02-18 |Updated 13 minutes ago



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...