රජය ඉන්ධන මත පනවා ඇති බදු සඳහා ලබා දෙන සහන ප්‍රමාණය අනුව ඉදිරියේදි ඉන්ධන මිල වැඩි කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් තමා මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මින්පිල මහතා එහිදී පැවසීය.
මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, තෙල් සංස්ථාවේ ගණනය කිරීම අනුව මේ වන විට පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක් මත රු.42ක්, පෙට්‍රල් 95 වර්ෂයේ ලීටරයක් මත රුපියල් 64ක්, ඩීසල් ලීටරයක් මත රු. 17ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් මත රු.39ක් යනාදී වශයෙන් බදු පනවා ඇති බව ය.
මෙම බදු මගින් මුදල් අමාත්‍යාංශය දිනකට රු. මිලියන 368ක් උපයා ගනු ලබන බව ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, ලංකා ඉතිහාසයේ වැඩි ම තෙල් මිලට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අතර. ලෝකයේ තෙල් නිපදවන බහුතරයක් රටවල ඩීසල් මිල ලංකාවේ මිලට වඩා වැඩි බව ය.
දකුණු ආසියාවේ අඩු ම ඩීසල් මිල පවතින්නේ, ශ්‍රී ලංකාවේ බව ඔහු පැවසීය.
කෙසේ නමුත් තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව, පෙට්‍රල් 92 වර්ගයේ ලිටරයකින් රු. 19ක්, පෙට්‍රල් 95 ලිසල් ලිටරයකින් රු. 17ක්, ඩිසල් ලීටරයකින් රු. 52ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු.35ක් සහ භූමිතෙල් ලීටරයකින් රු. 63ක් අලාභ ලබමින් තෙල් සංස්ථාව මේ වන විට තෙල් විකිණීම සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එබැවින් මේ වන විට තෙල් සංස්ථාව දෙනිකව ලබන පාඩුව රුපියල් මිලියන 551ක් වන අතර ඉන්ධන මත පනවා ඇති බදු සියල්ල ඉවත් කළහොත් තෙල් සංස්ථාව දැනට ලබන පාඩුවෙන් රුපියල් මිලියන 368ක සැලකිය යුතු මුදලක් ආවරණය කර ගත හැකි බව බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
No comments:
Post a Comment