Monday, 7 February 2022


සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි. මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම විහාරය වටා තිබෙන ඓතිහාසික නටබුන් රාශියකි. නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ පරදේශවල සිංහල ජනගහනය කරමයෙන් තුනීව ගියේය.

රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්ය රාජයාණන් වහන්සේ පරතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ තරස්තවාදය නිසා වාණිජ ආධිපත්ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.
කප්පම්වලට යටවී යළි වැළලෙන මුහුදු මහා විහාරය
මුහුදු මහා විහාරය ඇතුළත් භූමිය පුරාවිද්යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය. ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්යා දෙපාර්තමේන්තුව සතුව නැත. 1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම්වල පරතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය අනුරාධපුරයේ පසු භාගයට අයත් සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව පරතිමාවක්ද මෛතරී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්යා මුරකරු වන මජීඞ්ගේ ගෙයි ළිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.
පුරාවිද්යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ පරතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි තරස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද පරාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් කරියා නොකළහ. ඒ චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආකරමණය කරමින් සිටී. කතරගම සිරරතන හිමියන්ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්ය වරකාපොළ ඉන්ද්රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.
ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට පරවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට පරවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.
යහපාලන රජය සමයේ දී රනිල් විකරමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය. මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටලූව විසඳීම පිණිස අධ්යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී එයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පතරය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේදී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි. අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි. ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ගරහණයට ලක් වී තිබුණේ පළාතේ දේශපාලකඥයන්ගේ සහ මුස්ලිම් පරාදේශීය ලේකම්වරුන්ගේ අනුගරහයෙනි. ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන් ඉතිරිකර තබා නැත.
වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුගරහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ කුරුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුගරහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව පරකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ පරවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත. පොතුවිල් මුස්ලිම් මන්තරීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී පරකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි. එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් වරයා වුවද ආරක්ෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී පරදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...