Saturday, 12 February 2022


 


පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ වන අලි මාරුවන ස්ථානයක රෑනෙන් අතරමංව සිටි දින හතක් වයසැති අලි පැටියකු වැලිකන්ද අඩවි වන කාර්යාලය නිලධාරීහු පිරිසක් කිලෝමීටර් තුනක් දුර කරේ තබාගෙන ගෙනැවිත් ප්‍රතිකාර සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලට බාර දුන්හ.


දින හතක් පමණ වයසැති එම අලි පැටියා අතරමංව සිටියදී ගම්වාසීන් දැක වැලිකන්ද වනජීවීන් නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ගොස් අලි පැටියා මාරුවෙන් මාරුවට කරේ තබාගෙන වාහනේ තිබෙන ස්ථානයට රැගෙන විත් ඇත.


මෙම අලි පැංචා නිරුපද්‍රිතව බේරා ගැනීමට ගම්වාසීන්ගේ සහායද හිමිවන බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.


නිමල් ජයරත්න


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...