රෝස මල ආදරයේ සංකේතය ලෙසින් අප සලකනවා. ආදරය වගේම රෝස මලේ ඉතිහාසයටත් දිගු අතීතයක් තිබෙනවා. වසර මිලියන 35 ක් පමණ වූ ඉතිහාස කතාවේදී වගාවක් විදිහට රෝස මල අප අතරට එකතු වුණේ ආසියාවෙන් වීමත් විශේෂයි.
රෝස මලේ තිබෙන්නාවු වර්ණයන් සේම මෘදු සුවඳත් නිසා අප අතර රෝස මලට ලැබී තිබෙන්නේ විශිෂ්ට තැනක්. ඊජිප්තු වැසියන් සොහොන් සැරසිලි වෙනුවෙන් රෝස මල යොදා ගත් බව අනුමාන කරන්නේ හවාරා ප්‍රදේශයේ සොහොනක තිබී රෝස මල් හමු වුණ කතාන්දරය නිසයි. කෙසේ වෙතත් අවමංගල්‍ය සංස්කෘතීන් අතර ඊජිප්තු වැසියන් විශිෂ්ටයන් විදිහට සැලකෙනවා.
ආසියාවේ සිට ගී්රසියටත් එතැනින් රෝමයටත් එයින් පසු කාලයකදී යුරෝපයටත් රෝස මලේ සුවඳ පැතිරී ගියා. 17 වන ශතවර්ෂයේදී රෝස දෙමුහුන් කිරීමේ ශිsල්පයත් සමගම හැම ගෙවත්තක්ම රෝස මලින් පිරී ගියා. රෝස මල බොහොම සංකේතාත්මකයි. මේ සංකේතවලදී මල් සංඛ්‍යාව වගේම වර්ණයන් පාදක කර ගන්නවා. රෝස මල් දහයකින් මම වඩාත් ආදරේ ඔබට බවත්.....මල් පහළොවකින් මට සමාවෙන්න.... යන්නත් අර්ථවත් වෙනවා.
රෝස පැහැති රෝස මල කෘතඥතාවයත් ලා පැහැති රෝස සතුටුදායක අවස්ථාවන් වෙනුවෙන් වූ සැරසිලි වෙනුවෙන් ද යොදා ගන්නවා. අවර්ණ සුදු පැහැයෙන් අනුකම්පාව කරුණාව සහ මෘදු බව පෙන්වනවා. සුදු රෝස පාරිශුද්ධත්වය සංකේතවත් කරන නිසාම මංගල්‍ය සහ අවමංගල්‍යන් වෙනුවෙන් සුදු රෝස යොදා ගන්නවා.
කහ රෝස මිත්‍රත්වය සංකේතවත් කරන අතර අතීතයේදී කහ රෝස මල සූර්යයා සංකේතවත් කිරීමට යොදා ගත්තා. අතීතයේ පටන්ම මිනිසුන් සූර්යයා දේවත්වයෙන් සලකන්නට පුරුදු පුහුණු වී සිටියා. යුරෝපයේ කහ රෝස මලට තිබුණේ ඊර්ශ්‍යාව සහ ආදරය අහිමිවීම වැනි අදහස් වුණත් කාලයේ ඇවැමෙන් මෙම අදහස් දුරස් වෙලා ආසියාවේ තිබූ ලෙසින්ම මිත්‍රත්වයේ සංකේතය බවට කහ රෝස පත් වුණා.
රතු රෝස මල පෙම්වතුන් අතර වූ ආදරය, රාගය සහ ලිංගිකත්වය වැනි අදහස් ඉස්මතු කළා.1800 වැනි යුගයකදී රතු රෝස මල චීනයෙන් යුරෝපයට හඳුන්වා දුන්නා. ආදරයේ දෙවඟන ලෙස සංකේතවත් කළ විනස් දෙව්දුව සංකේතවත් කරමින් විවාහ මංගල්‍යන් වෙනුවෙන් රතු රෝස යොදා ගන්නවා. ජන විශ්වාසයන්ට අනුව ලෝකයේ මුලින්ම බිහිවුණ සුදු රෝස මල ආදරවන්තයන්ගේ රුධිරයෙන් තෙත්ව ගොස් රතු බවට පත් වී ඇත.
තැඹිලි පැහැති රෝස මල ආශාව, උෙද්‍යාaගය, ප්‍රීතිය වැනි හැඟීම් වෙනුවෙන්ද, කොළ පැහැති රෝස ඉසුරුමත් බව සහ අර්ථවත් ජීවිතයක් පෙන්නුම් කිරීමට යොදා ගන්නවා. කළු පැහැය අපි දන්නා විදිහට අසුබයි. කළු රෝස මල ද ඒ තත්ත්වය සංකේතවත් කරනවා. මරණය වැනි අසුබ සිද්ධීන් සංකේත වෙන්නේ කළු රෝස මලෙන්. නමුත් කළු යනුවෙන් අර්ථවත් වෙන්නේ අඳුරු රතු පැහැයයි. ගිම්හානයට පමණක් පිපෙන කළු රෝසමල් තුර්කියේ හල්ෙෆdට් නගරයේ පිපී තිබෙනවා. පස්වල ස්වභාවය හා භූගත ජලයේ අගය හින්දා තද අඳුරු පැහැතියි. වසන්තයේදී කළුවට හුරු රතු පැහැයෙන් පිපෙන අතර ගිම්හාන කාලය වෙන විට අඳුරු වර්ණයට පත් වෙනවා. ගුප්ත හා රාගයේ සංකේතයක් විදිහට මෙය හඳුන්වනවා. හල්ෆට් නගරය වෙනත් තැනක ස්ථානගත කිරීම නිසා යුප්රටිස් ගඟ හරහා වේල්ලක් ඉදි කළ නිසා අද මෙම කළු රෝස මල වඳ වීමේ අනතුරට පත් වී තිබෙනවා.
නිල් පැහැති රෝස මල විස්මයත්, ලැවැන්ඩර් වර්ණය දුර්ලභ පැහැයක් වුණත් එයින් රාජකීsයත්වය පෙන්නුම් කරනවා. ලැවෙන්ඩර් කියන්නේ දම් පැහැයේ විකාශනය වුණ ප්‍රභේදයක්. මේ නිසා දම් පැහැයෙන් ද පෙන්නුම් කරන්නේ රාජකීයත්වයයි.නිල් රෝස මලත් දෙමුහුන් කිරීමෙන් ලබා ගත් ප්‍රභේදයක් විදිහට සැලකෙනවා.
රෝස මල කතා කරන භාෂාවක් කිව්වත් වරදක් නැහැ. තනි රෝස මලකින් කියෑවෙන්නේ චාම් බවයි. මල් දෙකක් එකට එකතුවක් විදිහට නිර්මාණය වීම එකඟතාවය අදහස් කරනවා. හොඳාකාර පිපුන රෝස මල කෘතඥතාවය පෙන්වනවා. පිපුන රෝස මල සමග කැකුළු දෙකක් මගින් පෙන්වන්නේ රහසක්. රෝස මල් ඔටුන්න ජයග්රහනයයි.
රෝaස මල් යොදා ගත් ගවුමක් බ්රි්රතාන්යයේ ඇස්ඩා සුපිරි වෙළඳසැල් ජාලයේ නිර්මාණයක්. මේ ගවුම වෙනුවෙන් රෝස මල් වගේම ජර්බෙරා කානේෂන් ක්‍රිසැන්තියම් වැනි මල් වර්ගත් යොදා ගෙන තිබෙනවා. මේ ගවුම නිර්මාණය කිරීමට පැය 170 ක් ගත වෙලා තිබෙන අතර බර රාත්තල් විසි අටක් පමණ වෙනවා. මේ ගවුමට ගැලපෙන පාවහන් යුගලකුත් නිර්මාණය කරන්න වෙළඳසැල් ජාලයට අමතක වුණේ නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා
No comments:
Post a Comment