මත්ද්රව්ය සහ ත්රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්රී ලංකාවට ප්රදානය කර ඇත.
ජපාන රජයෙන් මෙරටට ලබාදුන් ප්රදානයක දෙවන අදියර ලෙස මෙම උපකරණ හා වාහන ලබාදීම සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා අතින් ජනාධිපති කාර්යාල පරිශ්රයේදී ඊයේ පෙරවරුවේ සිදුකෙරිණි.
ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්රාඩෝ රථයක්, පුපුරණ ද්රව්ය සහ මත්ද්රව්ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් මෙම ප්රදානයට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700කි.
ශ්රී ලංකා පොලීසිය වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මියත් මෙම වාහන සහ උපකරණ භාර ගත්හ.
ඩයනා උදයංගනී
No comments:
Post a Comment