Friday, 11 February 2022


වාහන ඉල්ලුමත් ඉහළට. !

මාර්තු මාසය වන විට වාහන ආනයනය කරන බවත් එවිට දැනට රට තුළ ඇති පාවිච්චි කරන ලද වාහනවල මිල පහත බහින බවටත් ව්යාජ ප්රවෘත්තියක් නිර්මාණය කර පතුරුවා හරිමින් රටතුළ ඇති පාවිච්චි කරන ලද වාහන, සේල් තුළට රිංගවා ගැනීමේ කුමන්ත්රණයක් පිළිබඳ වාර්තා වේ.
මේ වන විට වාහන ආනයනය නැවතී ඇති නිසා රට තුළ ඇති වාහන වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ඒ නිසාම වාහන මිල සීයයට සීයකින් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වයෙන් ප්රයෝජන ගත් ඇතැම් වාහන සේල් කරුවන් ලගදීම වාහන ආනයනය කරන බවට ව්යාජ ප්රවෘත්ති මවා පතුරුවා තමන්ගේ මල්ල තර කරගැනීමට උත්සහා ගෙන ඇත.
මේ වන විට බොහෝ ලියාපදිංචි කළ වාහන අලෙවි කරන වාහන සේල් අංගන වාහන වලින් පිරී ඇති බවද වාර්තා වේ.
මිනිසුන් මෙසේ වංචාවෙන් මුලා කර ඔවුන් සතු වාහන මිලට ගෙන මාර්තු අප්රේල් වන විට අධික මිල ගණන් යටතේ එම වාහන අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
බොහෝ විට ඒ අනුව ඇල්ටෝ රථයක් රු ලක් 40කටත් වැගන් ආර් රථයක් රු ලක්ෂ 80කටත් ප්රයස් රථයක් රු ලක්ෂ 100කටත් අළෙවි කිරීමට සැලසුම් සකස් කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...