භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති ඉන්ජිනේරු අනුර වල්පොළ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
එම තනතුර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය මහතා විසින් වෛද්‍ය ප්‍රසාද් මංජුල පත් කරනු ලැබ ඇත.
අනුර වපොළ මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත්තේ, පරිසර ඇමති මහින්ද අමරවීර විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව ය.
සභාපතිවරයා හා අධ්‍යක්ෂන්ය ජනරාල්වරයා අතර නිරන්තර මතභේද ඇති වන බවත් මේ හේතුවෙන් ආයතනය දිනෙන් දින වළපල්ලට යන බැවින් මෙම නිලධාරීන් දෙදෙනා ම ඉවත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ත් මේ සම්බන්ධව පරිසර අමාත්‍යවරයාගෙන් 'මව්බිම' කළ විමසීමකදී සඳහන් කළේ ය.
පරිසර අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල වැඩ පැහැර හරින නිලධාරීන් ඉවත් කරන බවට තමන් අමාත්‍ය ශයේ වැඩ භාර ගනිද්දී ම පවසා ඇති බව ත් අමාත්‍යවරයා කීවේ ය.
විනීතා එම්. ගමගේ
No comments:
Post a Comment