Friday, 11 February 2022



හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අද පෙරවරුවේ පොලොන්නරුව සිංහපුර මාර්යේ අලිවංගුව ප‍්‍රදේශයේදී පොලොන්රුව උතරු ඇළට පෙරළී ඇතැයි බෝක්කුවක සිරවීමෙන් ජිවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.


එම අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවන් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.


තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු පැවැසූහ.


ඇඟලූම් කම්හලේ උදෑසන සේවා මුරය සඳහා යමින් සිටි සේවිකාවන් පිරිසක් මෙසේ අනතුරට ලක්වී ඇති බවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු පමණ ගමන්කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...