Friday, 11 February 2022


  

ප්‍රකට ජ්‍යොතිෂවේදියකුගේ බිරිය සේසතම අරන් දරුවො දෙන්නත් එක්ක පැන යයි! 

යොතිෂවේදියාට උසාවියෙන් දීපු උත්තරේ!

ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත.


පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ද සමග තම බිරිද දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකු බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.


වයස අවුරුදු දෙකහාමරක සහ වයස අවුරුදු එකහාමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිද විසින් රැගෙන ගොස් ඇති බව පැමිණීල්ල සදහන් කර ඇතැයි ද මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිදට අයිතියක් නැතිද? යන්නය. එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙම තැනැත්තිය දේපල කොල්ලකා පලාගොස් ඇති බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඇගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.


දරුවන් සහ දේපල රැගෙන යාමට නිත්‍යානුකූල බිරිදකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...