Wednesday, 16 February 2022


 

ඔමික්‍රොන් ආසාදනය වීමෙන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන බොහෝ පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් බව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනි මෙන්ඩිස් මහතා පැවසීය.


ඒ මහතා එසේ පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.


තාම අපේ දැඩිසත්කාර ඒකකවලට එක කොවිඞ් එන්නත් මාත‍්‍රාවක්වත් ලබාගත්තෙ නැති අය එනවා. ඒකට හේතුව මෙච්චර කල් මාස්ක් එක දාගෙන, ගෙවල්වලට වෙලා හැංගිලා, රස්සාවට යන්නෙ නැතුව තියෙන තරම් උපරිම කි‍්‍රයාමාර්ග අරගෙන බේරිලා හිටපු නිසා. හැබැයි මේ පාර ඔමික්‍රොන්වලින් නම් බේරිලා ඉන්න බැහැ. තවම එකම කොවිඞ් එන්නත් මාත‍්‍රාවක්වත් ලබාගෙන නැති අයට මම ආරාධනා කරනවා එන්නත ලබාගන්න කියලා.


කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙක ගත්ත අයත් අපේ දැඩිසත්කාර ඒකකවලට එනවා. හැබැයි ඒ අය බොහොමයක් හොඳවෙලා ගෙදර ගියා. කොවිඞ් එන්නතට පින්සිද්ධ වෙන්න අපිට ගොඩක් අය බේරාගන්න පුළුවන් වුණා.


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...