Thursday, 17 February 2022


 

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය


තමන් රසායනික ද්‍රව්‍ය භාවිතා කර පලතුරු ඉදවීම නොකරන්න බවත් එවැනි ක්‍රමවලට ඉදවූ පලතුරු මැනිං වෙළෙඳපොළට භාර නොගන්නා බවත් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.රට පුරා කෙසෙල් ඇතුළු සියලුම පලතුරු වෙළෙඳුන් පලතුරු ඉදවීමට ගන්නා රසායනික ඖෂධය පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ කෙසෙල් වෙළෙඳුන් පමණක් සිදුකරන ක්‍රියාවලියක් ලෙස රහසිගත කැමරා යොදාගනිමින් පටිගත කර එක්තරා චැනලයක් විසින් සමාජගත කිරීම පිළිකුල් සහගත යැයි ද ඔවුහූ මේ මාධ්‍ය හමුවේ දී පැවසූහ.මෙහිදී වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා මෙසේ පැවසීය.මැනිං වෙළෙඳ සලේ පලතුරු වෙළෙඳුන් පාරිභෝගිකයන්ට වස කවනවා කියලා මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් පසුගියදා එක්තරා මාධ්‍ය ආයතනයකින් ප්‍රචාරය වුණා. ඇත්තෙන්ම රහසිගත කැමරා යොදාගනිමින් නින්දා සහගත අයුරින් පටිගත කරලා මෙවැනි අසත්‍ය පුවත් රටේ ජනතාවට මුදා හැරීම මාධ්‍ය කලාවද? සුනඛයන් එලවළු පලතුරුවලට මුත්‍රා කිරීම වැළැක්වීමට තබා තියෙන නිල් දිය කරපු වතුර බෝතලය කෙසෙල් ඉදවන රසායනික දියර බෝතල් කියා ප්‍රචාරය කරා. මේ මාධ්‍ය කලාව ජුගුප්සා ජනකයි.කිසිවක් සොයා නොබලා සමබරතාව ආරක්ෂා නොකර මෙවැනි මඩ ව්‍යාපාර කරන්නේ කාගේ උවමනාවටදැයි අපි දන්නේ නෑ.


මැනිං වෙළෙඳුන් අසරණ ජීවිත ගොඩගන්නා පිරිසක් මිස මිනිස් ජීවිත වනසන පිරිසක් නොවෙයි.පසුගිය 2018 ජුනි මාසේ මාසේ 7වනදා අපි ගිවිසුමක් ගැහුවා.රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා පලතුරු ඉදවීම නොකරන්නත් එවැනි ක්‍රමවලට ඉදවූ පලතුරු අපේ මාර්කට් එකට භාර නොගන්නත්.පුරා වසර දෙකක් අපි මේ විදියට පාරම්පරික දුම් ක්‍රමය යොදාගෙන කෙසෙල් ඉදෙව්වා.අපි විශාල පාඩුවක් වින්දා.රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම අපේ මූලික අරමුණ වූ නිසයි අපි ඒ කැපවීම කරේ.


ඒත් අපි මේ විදියට වගකීම් ඉෂ්ට කරද්දි රටේ අනෙක් සෑම වෙළෙඳ මධ්‍යස්ථානයකම සිද්ධ වුණේ රසායනික ද්‍රව්‍ය යොදාගෙන පලතුරු ඉදවීම.ඇයි ඒ මධ්‍යස්ථාන ගැන කතා නොකර කෙසෙල් පාරම්පරික ක්‍රමවේදයට ඉදවීමට අවශ්‍ය පහසුකම් නැති මැනිං වෙළෙඳ සංකීර්ණය ගැන මෙවැනි ප්‍රචාරයක් දුන්නේ කියන එක අපිට ගැටලුවක්.එක රටක එක නීතියක් නම් පොදුවේ එය සෑම වෙළෙඳ මධ්‍යස්ථානයකටම පොදුවේ ක්‍රියාත්මක විය යුතුයි.අපි මේ ස්ථානයට ඇවිත් වසරක් ගෙවීගියා.අපි රත්තරන් ඩොලර් වලට වඩා වටිනා බිමක් රජයේ සංවර්ධන ක්‍රියාවලියට දීලා මෙතෙන්ට ඇවිත් කුකුළු කූඩු වගේ කඩ ටිකකට කොටු වුණා.කඩ 301ක වෙළෙඳ ප්‍රජාවක් මෙතන කොයි තරම් සාධාරණය ඉල්ලුවත් මෙතෙක් අපිට සාධාරණය ඉටුවී නැහැ.


දවසකට කෙසෙල් කැන් කිලෝ තුන්දහසකට අධිකව මැනිං ව‍ෙළෙඳ සංකීර්ණයට ලැබෙනවා.මේවා කොටුවෙන් එළියට අරන් ලොරිවලට පටවන කොටම කෘමීන්ගෙන් ආරක්ෂා වෙන්න බෙහෙත් ගල්වනවා.මොකද අපේ රටේ පාරිභෝගිකයන් හුරුවෙලා තියෙන්නේ දිවට දැනෙන රසට නොව ඇස පිනවන දර්ශනය අනුව භාණ්ඩ මලදී ගන්න.බෝංචි කරල හරි ඇද වෙලා නම් ගන්නෙ නෑ.කෙසෙල් ඇවරිය රංවන් පැහැයට නැත්නම් ගන්නෙ නෑ.නමුත් එහෙම කියලා අපි මේ රසායනික බෙහෙත මිනිස් සිරුරට අහිතකර වන පරිදි යොදා ගන්නේ නෑ.මේ බෙහෙත ගෙන්වන්නේ රජයෙන් අපි මේ චූටි බෙහෙත් බෝතලේ මූඩියෙන් එකකට වතුර ලීටර් හයක් මිශ්‍ර කරලා කෙසෙල් කැනට මිශ්‍රණයෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරාම ඒක පහුවදාට කහපැහැ ගැන්වෙනවා.මේ මාධ්‍ය තුළින් පැවසුවේ පැය දෙකෙන් කෙසෙල් කැන ඉදෙනවා කියලයි.මා ඔවුන්ට අභියෝග කරනවා.එන්න ඇවිත් ඒ ආශ්චර්ය කරලා පෙන්වන්න කියලා.මේ මාධ්‍ය ප්‍රචාරය නිසා අද වෙන කොට රට පුරා කෙසෙල් වගාකළ ගොවීන් අනාථයි.අතරමැදි ව්‍යාපාරිකයන් අනාථයි.ගොවීන්ගේ පලතුරු කුණුවී ගොඩ ගැහෙනවා.ජනතාව බහුල වශයෙන් ආහාරයට ගත් කෙසෙල් දෙස නොබලා යනවා.


මේ වගේ පුවත් තුළින් විනාශ වෙන්නේ රටේ අසරණ ගොවියා ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයන්.මේ මාධ්‍ය ආයතනය කුමන පදනමක් යටතේද මේ රසායනික ද්‍රව්‍ය පිළිබඳ තත්ත්ව සහතිකයක් දෙන්නේ.හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ වරයෙකුත් මේ අවස්ථාවේදී මාධ්‍ය ප්‍රකාශයක් කරා.ඔවුන් කිසිවෙක් මේ බෙහෙත ගැන පර්යේෂණ කරපු අය නෙවි.කෙසෙල් කැන් කඩ හැත්තෑහයකට දුම්පෙට්ටි දාසයයි තියෙන්නේ.ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක කොටු වෙලා අපි මේ ජීවනෝපාය කරන්නේ.අපි ජනාධිපතිවරයා මුණගැහිලා දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා.එතුමා නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කරා කෙසෙල් වෙළෙඳුන්ට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා දෙන්න කියලා.ඒත් තවම එය ඉටු වුණේ නෑ.


 කේ. එස්. හැන්නදි රාගම සමූහ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...