මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේද්දි තවදුරට ත් පුළුල් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එම ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹිමට ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව ය.
මෙම වසර තුළ එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපළේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ ගුවන් මගි මෙහෙයුම් 32,957ක් සිදුව ඇති අතර හසුරුවා ඇති ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 722ක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
මේ අතර, මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ.
ඒ අනුව, ප්‍රධාන කාණ්ඩය තීරු බදු රහිත වෙළෙඳසල් දෙකක්, තේ අලෙවිසලක්, ගෘහ විදුලි උපකරණ වෙළෙඳසල් දෙකක්, සංචාරක සේවා කවුළු, ජංගම දුරකතන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපනය කර ඇත.
ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීම ත් සමග එහි පහසුකම් තවදුරට ත් පුළුල් කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසී ය.
අමරා ලියාකත්
No comments:
Post a Comment