අධිභාර බද්ද සැලසුම් කර ඇත්තේ "සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට දැයි සාධාරණ සැකයක්," පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අධිභාර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අතරතුර ඇය මේ බව සඳහන් කළා ය.
අධිභාර බද සම්බන්ධයෙන් පවතින අර්ථකථනයේ ඇති ගැටලුවක් මිස එය වැඩ කරන ජනතාවගේ ආදායම කොල්ල කෑමට කටයුතු කිරීමක් නොවන බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වූව ද එය "නොදැනුවත්ව කළ දෙයක් යැයි සිතිය නොහැකි බව," ඇය පෙන්වා දුන්නා ය.
"EPF කියන්නේ ට්‍රස්ට් ෆන්ඩ් එකක්. මිනිසුන්ගේ ආදායම අපි ආයෝජනය කරලා ඒගොල්ලෝ වෙනුවෙන් රැක බලා ගත යුතු පල්ඩ් එකක්. අය වැය විවාදය තුළ මෙම සර්වාජ ටැන්ස් එක ගැන ඉදිරිපත් කළේ ඉහළ ආදායම් ලබන ව්‍යාපාරවලින් ගන්න ටැන්ස් එකක් කියලා. බිලියන 100න් 65ක් ම ගන්නේ වැඩ කරන ජනතාවගෙන් නම් ව්‍යාපාරවලින් ගන්න තියෙන්නේ බිලියන 30-35ක් විතර නැවත වතාවක් වැඩ කරන ජනතාවගෙන් කී වරක් බදු ගන්නවා ද?
මේ පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා ක්ලැන් එක ම කළේ EPF එක කොල්ල කන්න ද? කියලා. මේක නොදැනුවත්ව කරපු වැඩක් කියලා අපිට හිතාගන්න බෑනේ. මේක කොච්චර ආදායමක් තියෙනවා ද? මේකෙ 25%ක ටැන්ස් එකක් ගැහුවා ම මේකෙන් කොච්චර ප්‍රමාණයක් ගනී ද කියන එක අපිට හිතන්න බෑ මුදල් ඇමති නොදැනුවත්ව කළා කියලා. ජනතාව කවදාහරි පෙන් ගියා ම ඔවුන්ට තියෙන විශේෂයෙන් ම පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ වැඩ කරන මිනිසුන්ගේ හම්බ කරපු දේහින් මේ ෆන්ඩ් එක අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් වැඩියෙනුත් ටැන්ස් කරනවා. ජීවන මාර්ගයෙනුත් ටැක්සි වෙනවා. දැන් රීටායර්මන්ට් ෆන්ඩ් එකක් දෙපාරක් ටැස් වෙලා. කොහොමට ත් 14%ක ටැන්ස් එකක් තියෙනවා. මේකට 25%ක් එකතු කලා ම 39% ක් ටැක්ස් වෙලා කොවිචර අසාධාරණ ද?"
ඇය සඳහන් කළේ, අධිහාර බද්දට සේවක අර්ථසාධක අරමුදල් ද ඇතුළත් වන පරිදි පනත් කෙටුම්පත සැකසීම "මුදල් අමාත්‍යවරයාගේ සහ නිලධාරින්ගේ නොහැකියාවේ ගැටලුවක් මිස අහම්බයක් නොවන බව" ය.
එබැවින් සමාන්‍ය ජනතාව මහන්සි වී සේවය කිරිමෙන් ඉතිරි වන ආයෝජනයක් බඳු සේක අර්ථසාධක අරමුදලට මෙම අධිභාර බද්ද මගින් බලපෑමක් සිදු කිරීමට කිසිසේත් ම ඉඩ ලබා නොදෙන බව ඇය අවධාරණය කළා ය.
රුපියල් මිලියන 2000 ඉක්මවන වාර්ෂික ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් සියයට 25ක අධිභාර බද්දක් අය කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිර්වේදනය පසුගිය දා ප්‍රකාශයට පත් විය.
| අදාළ කෙටුම්පත අනුව දත්ත වාර්ෂික ආදායම් උපයන යම් පුද්ගලයෙකුගෙන්, හවුල් ව්‍යාපාරයකින්
හෝ සමාගමකින් බදු අය කළ හැකි ආදායම මත 25% අධිභාරයක් එක්වරක් පමණක් අයකිරීමක් | මෙමගින් සිදු වේ.
එම අධිභාරය අය කෙරෙන කාණ්ඩයට මෙම පනත් කෙටුම්පත අනුව විශ්‍රාම වැටුප් අරමුදල, අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල, විශ්‍රාම පාරිතෝෂික අරමුදල හා ඒ හා සමාන අරමුදලක් ද "සමාගම" යන අර්ථ නිරූපණයට ඇතුළත් වේ.
2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා අදාළ වන පරිදි
දේශීය ආදායම් පනතේ විධි විධානයන්ට අනුව ගණනය කරනු ලබන නව අධිභාර බද්ද පැනවිමට | යෝජිත ය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment