Monday, 21 February 2022


මේ දිනවල අප රටේ බොහෝ පරදේශවල පවතින්නේ උදෑසනට සීතල සහිත බවකුත් දහවල් කාලයට වියලි බවින් යුක්ත වූ කාලගුණයකි.

මෙම කාලගුණ තත්ත්වය නිසා බොහෝ දෙනාට උදෑසන අවදිවීමේදී නොයෙක් අපහසුතා මතුවන බව පවසති. හිසරදය, නාසයෙන් සෙම් සොටු ගැලීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි ලක්ෂණ බහුල රෝගාබාධ ලෙස සඳහන් කරති. රට තුළ කොරෝනා රෝගය පැතිර ඇති පසුබිමක සහ කොරෝනා හී ඔමික්රෝන් පරභේදයද වේගයෙන් පැතිරයෑමේ පරිසරයක් මතුව ඇති මොහොතක අප සිටින්නේ නිතර විමසිලිමත් බවකිනි.
වියළි ශීත කාලගුණයෙන් උත්සන්න වන ලෙඩ රෝග
එනිසා සිරුරේ ඇතිවන සුළු වෙනස්වීමක් සම්බන්ධයෙන් වුවද වැඩි අවධානයක් යොමු කරන්නට මේ දිනවල අප හුරුවී ඇත.
පවතින කාලගුණයේ බලපෑම්
මේ දිනවල පවතින වියලි සිසිල් කාලගුණ තත්ත්වය නිසා සිරුරට බාහිරින් ලෙඩ රෝග ඇතිවීමටත් වඩා අප තුළ පවතින විවිධ ආසාත්මික රෝග උත්සන්න වීමත් සිදුවිය හැකිය.
උදාහරණ ලෙස දක්වතොත් පීනස රෝගය ඇති අයට එම රෝග තත්ත්වය වැඩිවිය හැකිය. සීතල, සුළ`ග, දුහුවිලි ආදියට මුහුණදීමේදී පීනස රෝගය ඇති අයට සෙම සොටු ගැලීම, නළල පරදේශයේ සිරවීමක් සහ වේදනාවක් මතුවීම, නිතර කිවිසුම් යෑම ආදිය මතුවේ.
ඊට බලපා ඇත්තේ මෙම සීතල සුළ`ග සහ දුහුවිලි ආදියයි. පීනස යනු ආසාත්මිකතා රෝගයකි. සීතල සුළ`ග සහ දුහුවිලි මගින් එම ආසාත්මිකතාවය තවත් වැඩි කරයි. එනිසා එවැනි පුද්ගලයින් හැකිතාක් දුරට දුහුවිල්ල, සීතල සුළ`ගට කෙලින්ම නිරාවරණය නොවන ලෙස මුව ආවරණ පැළඳීම කළ යුතුය. උදෑසන අවදිව එළිමහනේ ගමන් කිරීම ආදිය සීමාකර හැකිතාක් දුරට ඉර එළිය වැටුණු පසු එළිමහනේ ගමන් බිමන් යෑමට පියවරගත යුතුය.
උදෑසන අවදිව රාජකාරි සඳහා යා යුතුව ඇත්නම් හිස් ආවරණයක් පැළදීම, සිරුර වැසෙන ලෙස කබායක් පැළදීම ආදියට යොමුවිය යුතුය.
සීතල ජලය පරිහරණය වෙනුවට උණුසුම් ජලය භාවිතා කළ යුතුය. මෙවැනි කටයුතු මගින් පවතින කාලගුණය නිසා මතුවන බලපෑම් අවම කරගත හැකිය.
මෙම කාලගුණ තත්ත්වය ඇදුම වැනි ස්වසන පද්ධතිය ආශරිතව ආසාත්මිකතා මතුව ඇති අයටද වැඩි බලපෑමක් සිදු කරයි. එවැනි අයද ඉහත අයුරින් සීතල සුළ`ග සහ දුහුවිල්ලට කෙලින්ම නිරාවරණය නොවන පරිදි සෞඛ්ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතුය.
පවතින මෙම කාලගුණ තත්ත්වය නිසා තොල්පැලීම, සම වියලීම, දෙපතුල් පැලීම, වැනි තත්ත්වයන්ද මතුවේ. එවැනි අවස්ථාවක වෛද්ය උපදෙස් මත සම ආරක්ෂා කරන ආලේපනයක් ගැල්වීම කළ හැකිය.
වෛරස උණක් ඇතිවීම
පවතින කාලගුණ තත්ත්වය නිසා වෛරස රෝගද පැතිර යෑමට ඇති අවස්ථා බහුලය. මෙම වෛරස රෝග බරපතළ අපහසුතා මතු කරන මට්ටමක් ඇති නොවිය හැකිය.
කෙසේ වෙතත් වෛරස රෝගයකදී උණ ඇතිවීම, ඇ`ගපත වේදනාව, උගුරේ වේදනාව ආදී රෝග ලක්ෂණ මතුවේ. එවැනි රෝග ලක්ෂණ ඇතිවිට නිසි වෛද්ය උපදෙස් මත පරතිකාර ලබාගෙන දින කිහිපයක් විවේකීව සිටිය යුතුය.
කොවිඞ් ආසාදනය වූවන්
කොවිඞ් රෝගය ආසාදනය වූ විට ඉන් ස්වසන පද්ධතියට ඇතිවන බලපෑම නිසා රෝගය සුව වුවද ටික කලක් යනතුරු මහන්සිය, හන්දිපත්වල වේදනාව ආදිය පවතී. මෙම වියලි සහ සිසිල් කාලගුණය මගින් ද ඔවුනට පවතින අපහසුතා උත්සන්න විය හැකිය. එනිසා එවැනි කොවිඞ් ආසාදිතව සුව වූ අයද මෙම වියලි කාලගුණයට කෙලින්ම නිරාවරණය නොවන පරිදි සෞඛ්ය ආරක්ෂණ කරම භාවිතා කළ යුතුය. මුව ආවරණ පැළදීම, හිස් පළඳනාවක් භාවිතය, සිරුර හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම ආදිය මගින් පවතින කාලගුණ තත්ත්වය නිසා මතුවන අපහසුතාවයන් අවමකර ගත හැකිය.
නිතර ශීතල පවතින පරදේශවල පදිංචි ජනතාව උදෑසනට නිවසින් පිටතට යන විට සහ සවස් කාලයට ශීතල ඇතිවන විට ඉන් ආරක්ෂාවීම සඳහා නිසි ඇඳුම් පැළඳුම් සහ කබාය ආදිය භාවිතයට හුරුව සිටිති. නමුත් නිතර එවැනි කාලගුණයක් නොමැති පරදේශවල ජනතාව මෙවැනි තාවකාලික කාලගුණ වෙනස්කම්වලදී ඒ සඳහා සූදානම් වීමක් සිදු නොකරති. නමුත් ඒ සඳහා සූදානම් වීම මගින් තමාට මතුවන අපහසුතාවයන් අවම කරගත හැකිය.


 වෛද්ය සනත් සේනානායක

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...