පුත්තලම - කොළඹ මාර්ගයේ ආරච්චිකට්ටුව ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇති බව බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
නොරොච්චෝලේ සිට කොළඹ දක්වා ධාවන කළ වෑන් රථයක් රියදුරුට නින්ද යාම නිසා මාර්ගයේ දකුණ පැත්තේ නවතා තිබූ යතුරු පැදියක වැදී , අනතුරුව හලාවත සිට ආනවිළුන්දාවට යමින් සිට යතුරු පැදියක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සේවය කළ කම්කරුවන් දෙදෙනකු වූ එස්.ඒ ජුඩ් සහ කේ. ඒ ප්රේම්ජයන්ත යන දෙදෙනා මිය ගොස් ඇත. සිද්ධිය සම්බන්ධව වෑන් රථ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
එච්. චන්දන
No comments:
Post a Comment