Wednesday, 9 February 2022


වරදකරුවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ යෝජනාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර තදබදයට විසඳුමක් | ලෙස හා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බව ය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවක් ලබා දෙමින් පස් අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර එම සැලැස්ම අනුව මෙම යෝජනාව කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, United Nations Standard Minimum Rules for Noncustodial Measures (The Tokyo Rules) මගින් ද මෙවැනි විකල්ප ප්‍රවර්ධනය කරන බව ය.

නිවාස අඩස්සියේ තැබිමේ ක්‍රම වේදයේදී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන් ම සුළු දඩුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට ඔවුන්ගේ නිවෙස්වල ම නියමිත කාලය තුළ රැඳවිම සිදු කරන අතර තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් | අධීක්ෂණය කරනු ලබනු ඇත.

තව ද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා ඇති සිමාසහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව එම ක්‍රමවේදය අනුව හිමිවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මෙම ක්‍රමවේදය මගින් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩුවීම හරහා බන්ධනාගාර තදබදය අවම වීම සිදු වනවා සේ විශාල මුදලක් රජයට ඉතිරිවීම ද සිදුවන බව ය.

තව ද දඩ ගෙවා ගැනීමට අපොහොසත් විම මත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි විම මත දඩ මුදල ගෙවීමට ඔවුන්ට නොහැකි වන අතර ම ඔවුන් බන්ධනාගාර තුළ රැඳවීම නිසා රජයට ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් සඳහන් කර තිබේ.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...