Friday, 4 March 2022

 

වැල්ලවාය පොලිස් බලප්රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ල 03 වන දින සිට වහාම ක්රියාත්මක වන පරිදි සංචාරකයන් ට තහනම් කලාපයක් කර තිබේ.
ඇල්ලවල දිය ඇල්ලට ඇතුළුවීම හෝ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එය නැවත දැනුම්දෙන තුරු ක්රියාත්මක බව වැල්ලවාය ප්රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා පැවසීය.
පසුගිය දින තරුණයන් දෙදෙනකු මිය යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර පසුගිය මාස කිහිපය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු ඇල්ලවල දිය ඇල්ලේ දී මියගොස් ඇත.
වැල්ලවාය පරිසර කමිටුව විසින් දිය ඇල්ල වසා තැබීමට මෙලෙස තීරණය කර ඇති අතර නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇල්ලවල දිය ඇල්ල නැවත සංචාරකයන්ට විවෘත කරන බව වැල්ලවාය ප්රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...