Tuesday, 8 March 2022



රුසියා - යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා පටන් මේ දක්වා යුක්‍රේන වැසියන් මිලියන 1.2ක් යුක්‍රේනයේ සිට පෝලන්තයට පලා ගොස් ඇතැයි පෝලන්ත දේශ සීමා ආරක්ෂක ඒජන්සිය පවසයි.

එම ඒජන්සිය ටජ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇ පුද්ගලයන් 141,500ක් දේශ සීමා තරණය කර ඇති බව ය.

ඒ අනුව, ඉරිදා දින දෛනික වාර්තාව තුළ එම පුද්ගල සංඛ්‍යාව 142,300 ක් ලෙස සටහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තතා කර තිබේ.

එලෙස පලා යන පුද්ගලයින්ගෙන් 90% ක් පමණ යුක්‍රේන පුරවැසියන් වන අතර ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර, පලා ගොස් ඇති සරණාගතයින්ගෙන් 40% ක් පමණ දැනටමත් පෝලන්තය හැර වෙනත් රටවලට ගොස් ඇති බව ද හෙළිව තිබේ.

පෝලන්තයට පුද්ගලයින් මිලියන 1-2 අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර දැනටමත් පැමිණ ඇති බොහෝ දෙනෙකු පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමඟ රැඳී සිටීමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෙස පැමිණෙන සරණාගතයින්ගේ අමතර වියදම් සඳහා වන්දි

ගෙවීමට අවශ්‍ය හදිසි නීති සම්පාදනය කිරිමට අද පෝලන්ත පාර්ලිමේන්තුව කටයුතු කිරිමට නියමිත බව ය.

එමෙන් ම මෙම නීති මගින් යුක්‍රේග්න වැසියන්ට පෝලන්තයේ මාස 18ක කාලයක් ජීවත් වීමට, යම් කිසි රැකියාවක් කිරීමට මෙන් ම නොමිලේ සෞඛ්‍ය සේවා සහ පාසල් අධ්‍යාපනය ලැබීමට ද ඉඩ සැලසෙන බව සඳහන් වේ.

මේ අතර, යුක්‍රේන සරණාගතයින්ට උපකාර කරන රටවල් සඳහා යුරෝපා සංගමය ලබා දී ඇති යුරෝ මිලියන 500 මුදල ප්‍රමාණවත් නොවන බව පෝලන්ත නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමාජ රණ වියදම් සැලකිල්ලට ගතහොත් සරණාගතයින් මිලියනයකට සත්කාර සැපයීමේ වියදම සඳහා පෝලන්තයට ඩොලර් බිලියන 2.2 ක් පමණ වැය වනු ඇති බවට මූලිකව ඇස්තමේන්තු කර ඇති බව ය.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...