Tuesday, 8 March 2022

ගෑස් නෞකාවකින් ගෑස් ගොඩබෑම ආරම්භ කිරීම ත් සමග සිලින්ඩර් 75,000ක් අද මාර්තු 9 සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව, සාමාන්‍ය පරිදි ගෑස් සැපයීමේදී ප්‍රමුඛතාව රෝහල්, කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"හොස්පිටශ්වලට 75,000ක් යන්නේ නැහැනේ. 2000 ක් 3000ක් යාවි. ඉතුරු ටික සාමාන්‍ය ජනතාවට යනවා"

මේ සම්බන්ධයෙන් අපි ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ද විමසීමක් කළෙමු.

එහිදි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ, අද දහවල් ගෑස් නෞකාවක් නිදහස් කර ගැනීමට හැකි වුණු බව ත් සිලින්ඩර්වලට ගෑස් පිරවීම මේ වන විට ආරම්භ කර ඇති බව ත් ය.

ඒ අනුව, ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, එය හෙට අද මාර්තු 9 උදෑසන වන විට සාමාන්‍ය තත්වයකට පත්වනු ඇති බව ය.

එමෙන් ම, බස්නාහිර පළාත සඳහා ගෑස් සිලින්ඩර් වැඩි සංඛ්‍යාවක් සපයන ලෙසට ද උපදෙස් දී ඇති බව ත් අද දිනයේදී ගෑස් සිලින්ඩර් 80,000ක් පමණ පිරවීමට අපේක්ෂා කරන බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

ආදාළ නෞකාවේ අඩංගු ගෑස් ප්‍රමාණය දින තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වා දුන් එම් ප්‍රකාශකයා සඳහන් කළේ, පැමිණ ඇති සෙසු නෞකාවල ද අඩංගු ගෑස් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට අදාළ අංශ ප්‍රකාශ කර ඇති බව ය.

කෙසේ වෙතත්, එය මෙතෙක් තහවුරු කර නොමැති බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.


තාරක සම්මාන්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...