Wednesday, 16 March 2022


දේශපාලන ආන්දෝලනයකට තුඩු දුන් ආණ්ඩුවේම පක්ෂ 11ක නායකයින් විසින් ඉදිරිපත් කරන ලද මුළු රටම හරි මගට ජාතික පරතිපත්ති පරකාශනය තඹයකට මායිම් නොකළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ශරි. ල. නි. පයේ කරුණු 15කින් සමන්විත යෝජනාවලිය සාකච්ඡා කිරීමට එකඟවීමද උත්පරාසය දනවන්නකි. කුමක් වුවත් ජනාධිපතිවරයාගේ ඒ පරතිචාරය ශරි. ල. නි. ප. නායකයන්ගේ පරසාදයට හේතු වූ බව ජනාධිපති හමුවෙන් පසු ඔවුන් විසින් දක්වන ලද අදහස් වලින්ද පැහැදිලි විය. එම හමුවේදී මෛතරීපාල සිරිසේන මහතා විසින් කරන ලද සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමේ යෝජනාවටද ගෝඨාභය ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබුණු අතර ලබන 23 වැනිදා එම සමුළුවට දින නියමවී තිබීමද විශේෂ දේශපාලන සිදුවීමකි. මේ සිදුවීම් පෙළ ගස්වා බැලීමේදී ආණ්ඩුව කිසියම් නම්යශීලී පිළිවෙතකට නැඹුරු වී ඇතැයි කෙනෙකුට පෙනී යෑමටද ඉඩ ඇත.

එහෙත් පක්ෂ එකොළහේ රැඩිකල් කණ්ඩායමේ සමහරුන්ට අනුව ආණ්ඩුවේ මෙම පරතිචාර හවුල් පක්ෂ අතර තිබෙන එකඟතාව දුරස් කිරීමේ අරමුණින් සිදුවන්නකි. මෙම හමුවට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති දිනේෂ් ගුණවර්ධන හා සාගර කාරියවසම්ද එක්ව සිටියහ. මෙම හමුව පිළිබඳ දෙපක්ෂය ඒකාබද්ධ නිවේදනයක් හෝ නිකුත් කර නොමැති නිසා ආරංචි මාතරයෙත් ඒ ගැන අදහස් දැක්වීම තාර්කික නැත.
කෙසේ වෙතත් ආණ්ඩුව පියවරක් පසුපසට ගෙන දේශපාලනිකව මෙම අර්බුදය සමනය කර ගැනීමේ මගකට යොමුව ඇතැයිද කල්පනා කළ හැකිය. එසේම විමල් හා ගම්මන්පිල ඇමැතිවරුන්ගේ විරෝධයට ලක්වූ බැසිල්ගේ කරියා කලාපය ගැන කිසිදු අදහසක් එහිදී පළ නොවූ බවද කියති. මේ අතර තවත් කැපී පෙනෙන සිදුවීමක්ද විය. ඒ විමල් හා උදය ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසුව සිනමන් ගරෑන්ඞ් හෝටලයේ පැවති මාධ්ය හමුවට ශරී. ල. නි. පයේ ජ්යෙෂ්ඨයින් කිසිවෙක් සහභාගි නොවීමය. ඊට සහභාගි වූයේ හෙක්ටර් බෙත්මගේ හා ගාමිණී තිලකසිරිය. ඔව්හු පළාත් සභාවේ හිටපු ඇමැතිවරුන් දෙදෙනෙකි.
ඇත්තවශයෙන්ම පක්ෂ 11ක නායකයන් විසින් එළි දක්වන ලද මුළු රටම හරිමගට ජාතික පරතිපත්ති පරකාශනය වෙනම දේශපාලන ගමනක ආරම්භක පියවරක් නොව රට මුහුණ දී සිටින ආර්ථික දේශපාලන අර්බුදය කේන්ද්ර කරගත්තක්ද? එය බැසිල්ට එරෙහිව කැරැල්ලක් බවට පත් වූයේ ද ආණ්ඩුවේ දේශපාලන භාවිතයෙහි වූ දුර්වලතාවක් නිසාද? පසුගිය දසක හතරක පමණ කාලය මුළුල්ලේ මේ රටේ ඇතිවූ ආර්ථිකය හා දේශපාලනය පිළිබඳ විවේචනයක් එහි තිබිණි. විවෘත ආර්ථිකය හා වෙළෙඳපොළ නිසා සිදුවූ විනාශය ගැනද එහි දක්වා තිබිණි. විකල්ප යෝජනා කිසිවක් නොවුවත් එය පුළුල්ව සාකච්ඡා කළ යුතුව තිබිණි. එහෙත් එය සිදු නොවූ අතර එයට මුල් වූ දෙදෙනෙකුට පමණක් ආණ්ඩුවේ නිර්දය පරහාරය එල්ල විය. බොහෝ විට මහින්ද රාජපක්ෂගේ අනුදැනුමකින් තොරව මේ සියල්ල සිදු වූ බවද සමහරු විශ්වාස කරති. තවත් කෙනෙක් පවසන්නේ මෙය මහින්දගේ ආණ්ඩුවක් නොවන බවය.
2015 දී සියල්ල අතහැර පසු බැස සිටි මහින්ද රාජපක්ෂ නමැති අපරමාණ මිනිසා යළි කරළියට රැගෙන එන ලද්දේ විමල් හා උදය ඇතුළු පිරිසක් විසිනි. ඒ වනවිට බැසිල් සිටියේ ඇමෙරිකාවේය. එහෙත් පෙරළා පැමිණ ඔහු මහින්ද ලකුණ පෙරට ගෙන ඒ වටා ජනමතය සකස් කිරීමට තරම් උපකරමශීලි විය. ගෝඨාභය විජයගරහණය කළේත් යළි මහමැතිවරණයෙන් පොහොට්ටුව දිනුවේත් මහින්ද නිසා විනා බැසිල්ගේ ජනපරියතාවක් හෝ බලයක් නිසා නොවේ. එහෙත් බලය ලැබීමෙන් පසු බැසිල්ගේ සම්පරාප්තිය මතභේදාත්මක විය. විමල් හා උදය ඒ සියලූ බර හිතේ තද කරගෙන සිටියහ. බැසිල් වෙනුවෙන් මුදල් ඇමැති ධුරය වෙන් කර ගැනීමද සීරුවෙන් සිදුවූ මෙහෙයුමකි. රටේ ව්යවස්ථාව පවා වෙනස් කර තම ගමන්මග සකස් කර ගැනීමට තරම් බැසිල් ශූරයකු වූ බව පෙනේ. එහෙත් දැන් උදාවී ඇත්තේ බැසිල් ද නොසිතූ නොපැතූ අවුල් ජාලයකි. දවසින් දවස උගරවූ ආර්ථික අර්බුදය හා ගෝලීය පරශ්නද බැසිල්ගේ කරපිටටම වැටුණි. පොදුවේ ආණ්ඩුව අසමත්ය යන හැඟීම ජනතාවටද කා වැදුණ. නිදහසින් පසු මෙරටේ උද්ගතවූ බරපතළම ආර්ථික කඩාවැටීම ඩොලරයේ අර්බුදයත් සමගම ඇතිවිය.
70 – 77 පැවති සිරිමා, බණ්ඩාරනායක සමයේදීත් රටේ පෝලිම් යුගයක් හා ආර්ථික අහේනියක්ද ඇති විය. එදා එය සිදු වූයේ ආර්ථික සංවර්ධන සැලසුම් කරියාත්මක කිරීමට යොමු වීම නිසාය. එහෙත් අද රට අර්බුදයකට ගියේ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගිය ආර්ථික හා දේශපාලන කරියාවලට අනිසි ඵලයක් ලෙසය. ආණ්ඩුවට නිසි මෙහෙයුම් මගක් නොවීම නිසාය. ජනතාවගේ පරශ්න මේ තරම් උගර වූයේ කොවිඞ් නිසා හෝ වෙනත් ගෝලීය අර්බුද හේතු කර ගෙනම නොවේ. මේ ආන්ඩුවේ බදු කප්පාදුව, වැරදි ආර්ථික කළමනාකරණය නිසි පරබුද්ධ හා පරාමාණික විද්වතුන්ගේ උපදෙස් නොතකා හැරීම ඒවා අතර විය. විශරාමික ජෙනරාල්වරුන්ගෙන් ආණ්ඩුවට ලැබුණු සාධනීය පරතිඵල නැත. වියත්මග ලෙස උදම් අනන අයගෙන් රට කරවීමට ලද දායකත්වය කුමක්ද?
ගොවීහු පාරට පැමිණියහ. ගුරුවරු පාසැල් වර්ජනය කළහ. රෝහල් අවුල් නිසා පොදු ජනයා අන්ත පීඩාවට ලක්වූහ. සහල් ඇතුළු ආහාර හිඟවිය. අද වනවිටත් ඒවාට අමතරව ගෑස් හා ඉන්ධන පෝලිම්ද දික්වෙමින් තිබේ. විදුලි අර්බුදය හා ඒ සියල්ලට මුල් වූ ඩොලර් හිඟය ආණ්ඩුව අන්ත අසරණ තත්ත්වයකට ඇද දමා තිබේ. මේ වනවිට රුපියල පා වෙයි. ආණ්ඩුව දවසින් දවස එපා වෙයි. අප මේවා මතක් කරන්නේ කාලකණ්ණි සතුටකින් නොවේ. ඓතිහාසික ජනවරමක් ලද එහෙත් හරි මගක් තෝරා බේරා ගත නොහැකිව වල්මත්වූ පාලනයක රටම අතරමංවී සිටීම කිසිදු යහපත් පුරවැසියකුට සැනසීමක් නොවේ. නිදහසේ හුස්ම ගැනීමට රටක් හදා දුන් රාජපක්ෂවරුන්ට ඒ රටට හෙටක් ලබාදිය හැකි යැයි හැට නව ලක්ෂයක ජනතාවක් විශ්වාසය පළ කළහ. ඒ ජනතාවගේ අපේක්ෂා මල්පල ගැන්වීම සඳහා විමල් උදය ඇතුළු ආණ්ඩුවේම පිරිසක් ජනතාව අබියසට පැමිණියහ. එය දේශපාලනිකව වරදක් වුවත් ඒ පිරිස එතැනට තල්ලූ කළ බලවේගයක්ද තිබුණි. කුමක් වුවත් අද විමල් උදය ඇතුළු පිරිසක් තමන්ගේම කඳවුර ඇතුළේම සතුරන් වී සිටිති.
ආණ්ඩුවේ පසුපෙළ බැසිල්ට සහාය පළ කරති. මොන ඇමැතිවරුන් ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් ශක්තිමත් පුද්ගලයන් ලෙස එතුමා ගන්නා ඕනෑම තීන්දුවකට පසු පෙළ මන්තරීවරුන් සිටින බව තිස්ස කුට්ටිආරච්චි මන්තරීවරයා මාධ්යයට පවසා තිබිණි. මේ දිරි ගැන්වීම් බැසිල්ට හෝ ආණ්ඩුවට හෝ ශක්තියක් විය හැකිද? අද දේශපාලනය තරම් අපරසන්න දෙයක් නැතැයි අධිකරණ ඇමැති අලි සබිර කියා තිබේ. ඒ පාර්ලිමේන්තුවේ මන්තරීවරුන්ගේ කතා, හැසිරීම් ආදිය නිසා ඇතිවූ කලකිරීමෙන් බවද ඔහු පවසා ඇත. සමහර විට පොදුවේ මන්තරීවරුන්ට පරශ්න නොතිබෙන්නටද පිළිවන. ඔවුහු කිසිම පෝලිමකට නොයති. ගෑස්, ඉන්ධන, ඩොලර් ආදි කිසිම ගැටලූවක් ඔවුන්ට නැත. දියවන්නා අවන්හලේ දියර කිරි නැතිවීම ඔවුන් කුපිත කරවන්නක් වූ බව මාධ්යවල සඳහන් විය. එහෙත් තම දරුවන්ගේ කුසගිනි නිවන්නට මගක් නොමැතිව දිවි නසා ගන්නා පියෙක් ගැන ඔවුන්ට වගේ වගක් නැති විය හැකිය. ජනතාව විඳවද්දී තවමත් සමහරුන්ට පින් පල දෙන බවද පෙනේ. සමහරු ඇමැතිවරු ලෙසද තවත් සමහරු රාජ්ය ඇමැතිවරු ලෙසද දිව්රුම් දෙති. මේවා රටේ පරශ්නවලට විසඳුම් ලෙස කරන දේවල් නොවේ.
මෛතරීපාල සිරිසේන පසුගිය දිනක පවසා තිබුණේ මේ තිබෙන වරපරසාද හා කැබිනට් මණ්ඩලයද අඩු කළ යුතු බවය. ජනතාවට එබඳු ආදර්ශ ලබා දිය යුතු බවය. එහෙත් ආණ්ඩුව එබඳු යෝජනා පිළිගනු ඇතැයි සිතිය නොහැක. අද වනවිට ඉන්ධන මිල යළි වැඩිවී තිබේ. තේ කෝප්පයේ සිට පාන් ගෙඩිය දක්වා මිල ඉහළ නැග තිබේ. බස්ගාස්තු, තරීවීලර් ඇතුළු මහජනසේවා සියල්ල ජනතාවගේම හිස මතට කඩා වැටෙනු වැළැක්විය නොහැක. ආණ්ඩුව වෙනුවෙන් විපක්ෂ කාර්යාල, ඉදිරිපිට ඝෝෂා කිරීම, බිත්තර පරහාර එල්ල කිරීම වීරකරියා නොව නිවට නියාලූ අමන වැඩ බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මුග්ධ මන්තරීවරුන් කරන්නේ මේ ආණ්ඩුව තවත් ජනතාවගේ පිළිකුලට ලක් කිරීමකි.
මෛතරීපාලගේ යෝජනාව අනුව සිදු කෙරෙන සර්ව පාක්ෂික සමුළුවට රටේ තිබෙන අර්බුදවලට විසඳුමක් සොයා ගත හැකිද යන්න අනාගතයේ විසෙඳෙන්නකි. මෙයට පෙර එජාපයේ රනිල් විකරමසිංහත්, සජබ සජිත් පේරමදාසත් පක්ෂ භේදයකින් තොරව රට නැංවීමට එක්විය යුතු බව යෝජනා කළහ. එහෙත් ඒවා හුළගේ ගියා පමණි. කොහොම උනත් මේ සර්ව පාක්ෂික සමුළු යෝජනාව ඉදිරිපත් විය යුතුව තිබුණේ ආණ්ඩුවෙන්මය. දැන් ආණ්ඩුවේම පාර්ශ්වකරුවෙකු වූ ශරිලනිපයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ආණ්ඩුව එකඟ වූයේ විකල්ප කණ්ඩායම්වලට තම නම්යශීලී බව පෙන්වීමටද නැතහොත් ශරී. ල. නි පය සමග සටන් විරාමයකට ද? යන්නත් දේශපාලන අංශවලම කතාබහට ලක්වී තිබේ. කුමක් වුවත් විමල් වීරවංශ සඳහන් කර තිබුණේ සර්ව පාක්ෂික සමුළු සංකල්පය යල් පිනූ එකක් බවය. (දිවයින ඉරිදා සංගරහය – 2022.03.13 සාකච්ඡාව)
ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව පිළිබඳවද විමල් තුළ සාධනීය අපේක්ෂාවක් නැත. මේ රටට හැම විනාශයක්ම සිදු වූයේ ජනතාවගේ වරදකින් නොවේ. ඒ සියලූ වගකීම් මේ පාලකයෝ බෙදා ගත යුතු වෙති. සර්ව පාක්ෂික සමුළුවට එන්නේද මේ දේශපාලන සංස්කෘතිය බිහිකළ හා නඩත්තු කළ අය ඇතුළු දේශපාලන චරිතමය. අද අවශ්ය මේ විකෘතිය හා විනාශය වැළැක්විය හැකි පාලනයකි. රට ගොඩ නගන පරතිපත්ති රාමුවකි.
අපේ ඩොලර් අර්බුදයට කොවිඞ් වසංගතය බලපෑ බව සැබෑය. එහෙත් රටේ විදේශ සංචිත පහළ වැටුණේ ආණ්ඩුවේම වරදිනි. ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගසා රටක ආර්ථිකය ගොඩ ගත හැකිනම් ආර්ථික විද්යාවක් අවශ්ය නැත. රටේ ආර්ථිකය මෙහෙය වීමට විධිමත් සැලැස්මක් හා විශේෂඥ උපදෙස් වුවමනාය. වාර්තා වන පරිදි ටිරලියන 1.5ක මුදල් අච්චු ගැසීම නිසා ලංකාවට විදේශ සංචිත බිලියන 5.5ක් අහිමිවී තිබේ. ඉහළ ආදායම් ලබන අයගෙන් බදු අයකිරීම ආර්ථික වර්ධනයට බලපෑමක් නොවන බව පසුගිය දසක හයක කාලය තුළ තහවුරු වී තිබෙන බව සැබෑ ආර්ථික විශේෂඥයෝ පවසති. ඉහළ ව්යාපාරිකයන්ට බදු සහන දීමෙන් ආණ්ඩුවල නායකයන්ටත් ඔවුන්ගේ දේශපාලන ව්යාපාරවලටත් අනුබල අනුගරහ ලැබෙන බවද රහසක් නොවේ.
මේ ආණ්ඩුව වෙනුවට බලයට එන කාට වුවද මේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ලේසියෙන් ගොඩ ගත නොහැකිය. රාජ්ය වියදම්, දූෂණ, වංචාවල අදත් අඩුවක් නැත. පසුගිය දිනක කෝප් කමිටුවෙන් හෙළි වූයේ පැවති ආණ්ඩුවක දේශපාලන චරිතයක් ලොතරැයි මණ්ඩලයට පැමිණ එහි තිබුණු වාහනයක්ද උස්සා ගෙන ගොස් ඇති බවය. මිලියන ගණනක් ජනතා මුදල් වැනසූ ඒ මිනිසා අදත් සුව පහසු ජීවිත ගෙවද්දී රට වෙනුවෙන් කඹුරන පොදු ජනතාව කොපමණ සිටිත්ද? සමස්ත කරමයම කුණු වී ඕජස් ගලමින් තිබෙද්දී ඒ මත සුවඳ විලවුන් ගල්වා ඒ දුර්ගන්ධයම විඳින බව සමහරුන්ට අමතකය. මේ අද තිබෙන යථාර්ථයයි.
සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් කියමින් වමේ කඳවුරේම සිටි වාසුදේව නානායක්කාරලා ගැනද විවේචන තිබේ. විමල්ලා ගම්මන්පිලලා මෙන්ම මෛතරීලා රාජපක්ෂලා සහ රනිල්ලා හා පේරමදාසලාද අංක එක බවට පත්කර ගත යුත්තේ රටය. බලය ඊළඟටය. අනුර කුමාරලා මේ දේශපාලනය නඩත්තු කිරීමේ වරදින් නිදොස් කළ හැකි වුවත් මේ මොහොත ඔවුන්ටද තීරණාත්මකය. ඩොලර් අර්බුදය, විදේශීය ණය බර ජනජීවිත මත පැටවී තිබෙන ජීවන වියදම යන තුන් බියෙන් රට වෙළා ගෙන තිබුණත් තවමත් පැණි වළඳන දේශපාලනඥයෝ ද සිටිති.

ගාමිණී සුමනසේකර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...