Tuesday, 15 March 2022


සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) සියයට 8කින් පහත වැටිණි.

රුසියාව, යුක්රේනය ආක්රමණය කිරීමත් සමඟ ජාත්යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත අයුරින් ඉහළ ගිය අතර එය මෙලෙස පහත වැටුණේ සති දෙකකට පසු ය.
රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා නැවත ආරම්භ වී තිබෙන රටවල් දෙක රාජ්ය තාන්ත්රික විසඳුමකට එළැඹෙන සූදානම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම නැවත වරක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා පළ වී තිබේ.
බ්රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් සියයට 7.7කින් ඇමෙරිකානු ඩොලර් 104.03ක් දක්වා පහත වැටුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.74කින් එනම් සියයට 8.0කින් ඇමෙරිකානු ඩොලර් 100.59ක් දක්වා පහත වැටිණි.
රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා ගෙවුණු කාලයේදී බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් සියයට 34කින් ඉහළ ගොස් ඇත.
ජාත්යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් 2020 වසරේ ජූනි මාසයෙන් දැඩි උච්ඡාවචනයට ලක්වූ දින 30 ලෙස ඉකුත් දින 30 දැක්විය හැකි ය.

රොයිටර්ස්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...