Tuesday, 15 March 2022


ජනපරිය යූ ටියුබ් තාරකාව ලෝකයටම ලංකාව ගැන් කිව්ව දේ

ලොව පුරා යූ ටියුබ් සමාජ ජාලය භාවිත කරන්නන් අතර ජනප්රිය, සංචාරක වීඩියෝපට සම්පාදකයකු සහ සමාජ ජාල විශේෂඥයකු වන ජර්මානු ජාතික කෙන් එබ්රෝඩ් (Ken Abroad) විදේශ විනිමය සහ විදුලි අර්බුදය හේතුවෙන් සිය සංචාරය අතරතුර ශ්රී ලංකාවෙන් පිටව යෑමට තීරණය කර ඇත. ශ්රී ලංකාව සම්බන්ධයෙන් සිය නවතම වීඩියෝව යූටියුබ් ජාලයට එක්කරමින් කෙන් ප්රකාශ කර ඇත්තේ ‘‘රට තුළ අභියෝග වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා මම සැලසුම් කළ කාලයට පෙර ශ්රී ලංකාව හැර යාමට කටයුතු කරමි’’ යනුවෙනි.
‘‘ශ්රී ලංකාවේ සෑම දිනකම පැය හයක්, අටක් විදුලිය විසන්ධි වෙනවා. එය මට පමණක් නොවේ බොහෝ ව්යාපාරවලටද බරපතළ ගැටලුවක්. විදුලිය විසන්ධි වන බැවින් මට ලැප්ටොප් පරිගණකය හෝ වයිෆයි රවුටරය පන්ගැන්විය නොහැකියි. සවස් කාලය වන විට මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනවා.බොහෝ අවන්හල් වසා දමා තිබෙනවා’’
කෙන් සිය වීඩියෝ පට හරහා ශ්රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා සංචාරයට ප්රිය කරන පුද්ගලයන් විශාල සංඛ්යාවකගේ ප්රසාදයට පත්ව සිටින සමාජ ජාල ක්රියාකාරුවකු වන අතර ඔහු සිය වීඩියෝපට හරහා ලොව පුරා විවිධ සංචාරක ගමනාන්ත වෙත ළඟාවෙමින් එම ස්ථාන ලොවු පුරා ජනප්රිය කරවීමට කටයුතු කරනු ලබයි. සාමාන්යයෙන් සිය සංචාරක ස්ථාන පිළිබඳව ධනාත්මක අදහස් ඉදිරිපත් කරන කෙන්ගේ ශ්රී ලංකාව සම්බන්ධ මෙම අයහපත් ප්රතිචාරයක් සහිත වීඩියෝවට මේ වන විටත් අවධානයක් ලැබී ඇත.

නයන තරංග ගමගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...