දෙමාපියන් අතර දිනපතා සිදුවන දබර හේත්තුවෙන් තමන්ට නිදහසේ ජීවත්විය නොහැකි බවට වයස අවුරුදු 14 ක දැරියක පාසල් ඇඳුමින් ම පැමිණ පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බව යාපනය අච්චුවේලි පොලිසිය පවසයි.
යාපනය, අච්චුවේලි, ආවරන්ගයි ප්‍රදේශයේ පදිංචි දැරියක දෙමාපිය කරදර හා රණ්ඩු ඉවසා ගැනීමට නොහැකි වීමෙන් පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය කීය.
පොලිසිය සඳහන් කළේ, ඇයගේ පියා දිනපතා මත්පැන් පානය කර පැමිණ මව සමග නිතර රණ්ඩු කර ගන්නා බව ත්, ඔවුන්ගේ රන්ඩු තමන්ට ඉවසිය නොහැකි බව ත් අදාළ දැරිය පොලිසියට පවසා ඇති බව ය.
දෙමාපියන්ගේ රණ්ඩු හේතුවෙන් තමන්ට හා තමන්ගේ සහෝදරයන් දෙදෙනාට හා කුඩා නැහණියටත් නිවසේ ජීවත්විය නොහැකි තත්වයක් උද්ගතව ඇති බව දැරිය පොලිසියට පැවසු බව ද පොලිසිය සඳහන් කළේ ය.
දැරියගේ ප්‍රකාශ මත වයස අවුරුදු 45 ක් වන දැරියගේ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසීය.
දැරියගේ මවට දැඩි ලෙස අවවාද කර, කෝපායි ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිවාස නිලධාරින් හරහා දැරිය මව වෙත භාර දී තිබේ.
එන්. ප්‍රියදර්ශනී - වවුනියාව
No comments:
Post a Comment