Thursday, 10 March 2022


මේ වන විට රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේග්නයේ චනොබිල් න්‍යෂ්ටික බලාගාරයේ කාන්දුවක් සිදුවිය හැකි බවට එරට රාජ්‍ය න්‍යෂ්ටික බලාගාර සමාගමක් වන Energoatom සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ, මේ වන විට බලාගාරයේ පවත්නා තත්වය අනුව විකිරණ කාන්දු වීමේ අවදානමක් පවතින බව ය.

මේ වන විට බලාගාරයේ විදුලිය සැපයුම විසන්ධි වී ඇති අතර ඒ හේතුවෙන් න්‍යෂ්ටික ඉන්ධන සිසිල් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අදාළ සමාගම නිවේදනය කළේ ය.

ඒ හේතුවෙන් න්‍යෂ්ටික ඉන්ධනවල උණත්වය ඉහළ යා හැකි අතර ඉන් පරිසරයට විකිරණ කාන්දුවක් සිදු වීමේ අවදානමක් පවතී.

එය චනොබිල් බලාගාරයේ සේවකයින්ට ද බලපානු ඇතැයි අනතුරු අඟවා තිබේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...