Wednesday, 23 March 2022


බහාලුම් 1,500ක පමණ ප්රමාණයක් මුදල් ගෙවා නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඉන්දියානු ණය ආධාර යටතේ එම බහාලුම් නිදහස් කර ගැනීමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධව මුදල් අමාත්යාංශය සමග ඊයේ (22) සාකච්ඡාවක් පැවැත් වූ බවය.
වරායේ සිරවී ඇති බහාලුම් අතර, තිරිඟු පිටි, සහල්, සීනි, කඩල හා මිරිස් වැඩි ප්රමාණයකින් අඩංගු බව ද අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එම භාණ්ඩ නිදහස් කර ගැනීම ප්රමාදවීමට සමගාමීව නැව්වලට ප්රමාද ගාස්තු ගෙවිය යුතු බවත් ඒ අනුව භාණ්ඩ මිල කිලෝග්රෑමයකට රුපියල් 10 - 35ත් අතර මිලකින් ඉහළ යන බවත් එම සංගමය පෙන්වා දෙයි.
එම බහාලුම් සඳහා මුදල් ගෙවිය යුත්තේ ඉන්දීය රුපියල්වලින් බව ද ඔවුන් සඳහන් කළේය.
එළැඹෙන අවුරුදු සමය වනවිට එම බහාලුම් නිදහස් කර ගැනීම තම අපේක්ෂාව බව එම සංගමය තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...