Sunday, 6 March 2022


වර්ෂ 1942 පෙබරවාරි 18 දින කඩුගන්නාව නමැති කඳුකර පෙදෙස උපන්ගම කර ගනිමින් මෙලොව එළිය දුටු ඔහු දෛවයේ හිමිකමට අනූව යමින් ශීර ලාංකේය සංගීත ක්ෂේතරය තුළ නොමැකෙන සටහන් තබන්නට තරම් වාසනාවන්ත වන්නේය ‘‘ඉර හඳ තරු පායන තුරු අපි මැරෙන්නෙ නෑ’’ යන පරතිඥාව හරහා නිරතුරුවම අපේ සිතට ධෛර්යයක් ගෙන දෙන්නට සමත් වූ වික්ටර් රත්නායක නම් වූ ඒ සොඳුරු සංගීතවේදියා පසුගිය 18 දා සිය ජීවන ගමන් මගේ 80 වැනි සැතපුම් කණුව පසුකරන අතරතුර ඔහු ගේ උපන්දින හා බැඳුනු සුන්දර මතකයන් මෙසේ ආවර්ජනය කළේය…

* උපන්දින සැමරුම ඉහළින්…
සාමාන්යයෙන් මම එහෙම ලොකුවට උපන්දිනේ සමරල උත්සව පවත්වන කෙනෙක් නෙමෙයි. ඒත් දැනට අවුරදු 30 කට විතර කලින් ඉඳල බොහොම කැමැත්තෙන් පුණ්ය කටයුත්තක් සිද්ධ කරගෙන යනවා. ඒ තමයි රාජගිරිය වික්ටෝරියා නිවාසයේ නේවාසික පිරිසට දවල් දානය ලබාදෙන එක. ඒ කටයුත්තෙන් පස්සෙ ඉතින් හැන්දෑ වෙලා හිතවත්ම කීපදෙනෙක් එක්ක එකතු වෙලා දන්නැද්ද ඉතින් මධුවිත පොඞ්ඩක් තොලගාලා සිංදුවක් කියලා බොහොම අහිංසක විනෝදයක් ලබනවා.
* සම්පරදාය වෙනස් වුණා….
බොහෝ වෙලාවට මගේ උපන් දිනේට මට වගේම මා වටා සිටින අයට සංගීත රසස්වාදයක් ලබන්න පුළුවන් දෙයක් කරන්න තමයි මගේ වැඩි කැමැත්ත තිබුණෙ. ඒත් මේ වයසත් එක්ක දැන් පරසංග පවත්වන එකත් බොහොම වෙහෙසකරයිනෙ. ඔය අතරෙ ඉතින් 80 කියන්නෙ හොඳ ඉලක්කමක්නෙ කියලා හිතලා වෙන්න ඕන බිරිඳ හසිනි පසුගිය 18 වැනිදා අපේ ගෙදර සාදමය අවස්ථාවක් බවට ගොඩනඟලා තිබුණෙ.
ඇත්තම කිව්වොත් පෙට්ටිවල දාලා විසිතුරු කඩදාසිවල ඔතලා රිබන් පටි ගැටගහලා දෙන තෑගිවලට වඩා ලොකු තෑග්ගක් තමයි ඇය මට දුන්නෙ. මට නොදැනෙන්න මගේ ළඟම ඥාතීන්ට හිතවතුන්ට ආරාධනා කරලා මට සුබ පතන්න සලස්වලා මගේ හිතේ ඇති කරපු සතුට තරම් තෑග්ගක් තියෙනවද?
මට හිතාගන්න බැරුව ගියා නාරද විජේසූරිය කියන ගත් කතුවරයා එදා මෙතනට ආවෙ කොහොමද කියලා. මොකද ඔහුගෙ පදිංචියත් පිටරට. අනිත් කෙනා විනුජ තරුෂ්ක. ඒ කියන්නෙ මගේ ලොකු දුවගෙ පුතා. ඉතින් මුණුබුරත් ඇවිත් සිංදු කියලා මාව ගොඩක් සතුටට පත් කළා. මගේ සංගීත හැකියාවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් ලක්ෂණ ඔහු තුළ පහළ වෙලා තියෙන බව පේනවා. මගේ පරාර්ථනයත් ඒකම තමයි.
සාදයක් ලෑස්තිවෙන බව දැනගෙන ගායන ශිල්පී පිරයනාත් රත්නායක හසිනිට ඇමතුමක් දීලා කියලා තියෙනවා සර්ට සුබපතන්න අවස්ථාවක් දෙනවා නම් ලොකු පිනක් කියලා. ඒ අනුව ඔහු එදා මගේ නිවසට ආවා. පිරයනාත් කියන්නෙ කවදත් මට ආදරය කරන චරිතයක්. ඔහුගෙ පැමිණීමත් මට ලොකු සතුටක්.
‘දිවයින’ පුවත්පතේ නිර්මාතෘ උපාලි විජයවර්ධනයන්ගේ උපන් දිනය පෙබරවාරි 17දා. ඒ කාලෙ එදිනට ඔහු ජීවත් වූ තර්ස්ටන් පාරේ නිවසට පැමිණ පුංචි සංගීත සාදයක් පවත්වන්නට මට නොවරදවාම ආරාධනා කරනවා. ඒ තුළින් ඉතාමත් සතුටට පත්වෙන එතුමා හරියටම රෑ 12.00 ට මගේ ළඟට ඇවිත් මට සුබ උපන් දිනයක් පරාර්ථනා කරලා මොනවද බොන්නෙ කියලා අහලා බොහොම කරුණාවෙන් සංගරහ කරනවා. ඔය චාරිතරය එතුමා අතුරුදන් වනතුරු අප අතර පැවතුනා.
හරියට බැලූවොත් එතුමාට කලින් මා සමග හිතවත් වෙන්නෙ ලක්මණි විජයවර්ධන මැතිනියගේ පවුලේ පිරිස. ලක්මණි මැතිනිය ගේ මව රෝහිණි රත්වත්තේ මැතිනිය තමයි පෙම්බර මධු චිතරපටයේ නිෂ්පාදිකාව ලෙස කටයුතු කළේ. ඒ කටයුතුවලට සම්බන්ධ වීම නිසා ඒ පවුලත් සමග ඇති වූ සබඳකම් තමයි උපාලි විජයවර්ධන මහත්මා දක්වා වර්ධනය වුණේ.
* සංගීතයට තිබුණ ලැදියාව
උපාලි විජයවර්ධනයන් කියන්නෙ දේශීය සංගීතයට ඉතාම ආදරය කරමින් රසවිඳපු කෙනෙක්. ඒ ලැදියාව කොච්චරද කියනවා නම් එතුමා මගේ ‘‘ස’’ පරසංගය චිතරපටයක් ලෙස එළිදක්වන්න එහි මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙද්දි තමයි අපි හැමෝගෙම අවාසනාවට ඒ අතුරුදන් වීම සිද්ධ වුණේ.
* එතුමා වෙනුවෙන් ගීතයක්
ඒකත් හරි අහඹු සිදුවීමක්. උපාලි විජයවර්ධන මහතා දේශපාලනයට අවතීර්ණ වෙන්න හිතාගෙන පක්ෂයකුත් ගොඩනඟා ගත්තා. ඡන්ද කටයුතුවල පරසිද්ධිය තකා තේමා ගීතයක් නිර්මාණය කිරීමේ කටයුත්ත මට භාර වුණා. මම ගායනා කරන ‘‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ’’ ගීතයට බොහෝ සමාන එතුමා ගේ පක්ෂයේ නමත් ඇතුළත්ව ‘‘අද උපාලි අපටයි අපි උපාලිටයි’’ කියලා ගීතයේ පදරචනය කළේ කුමාරදාස සපුතන්තීර. මම තනුව දාලා ගායනා කළා.
* උපන් ගමේ උත්සවයක්
උපාලි විජයවර්ධනයන්ගෙ උපන් ගම වූ මාතර කඹුරුපිටිය ගමේ මැතිවරණ ව්යාපාරයේ මුල්ම රැස්වීම පැවැත්වුණා. එදා පරථම සහ අවසාන වතාවට මම ඒ ගීතය ගායනා කළා. එතුමා ගේ අතුරුදන්වීම නිසා ඒ හැමදේම නැති වුණා. ගීතයේ පටිගත කිරීමක්වත් ඒ වෙද්දී කරලා තිබුණෙ නැති නිසා ඒක මගේ මතකයේ විතරයි තිබුණෙ. අද වෙද්දි ඒ ගීතය මගේ මතකයෙනුත් බැහැර වෙලා.
* සංගීත ක්ෂේතරයට ළැදිකම
සාමාන්යයෙන් ව්යාපාරිකයෙක් විදියට යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගත්තු බොහෝ දෙනෙක් අපි රැුඳිලා ඉන්න කලා ක්ෂේතරත් එක්ක බැඳෙනවා හරි අඩුයි. ඒ කියන්නෙ එවැනි උදවිය රසවතෙක් විදියට සමාජයේ රැඳෙන්නෙ කලාතුරකින්. බොහෝ දෙනෙකුගෙ අරමුණ මුදල් සෙවීමම පමණයි. කලාතුරකින් කෙනෙක් තමයි අවංකව ව්යාපාරයක් පවත්වාගෙන යන්නෙ. නමුත් එතුමා ගැන අද කතා කළත් කියන්න තියෙන්නෙ එදා ඩෙල්ටා ටොෆියෙන් පටන් ගත්තු ගමන චොක්ලට්වලට රථවාහන නිෂ්පාදනය වගේම පුවත්පත් රැුසක් එළිදැක්වීම හරහා ලෝකයක් ජය ගත්තෙ කරන දේ හිතට එකඟව අවංකව කරපු නිසා.
* දැනුම ඉදිරි පරපුරට
සංගීතය කියන්නෙ කෙනෙකුට බලකරලා කියලා දෙන්න පුළුවන් ශාස්තරයක් නෙමෙයි. ශාස්තරය ගරහණය කරගන්න හැකියාව වගේම උවමනාව අදාල අයට තියෙන්න ඕන. එහෙම කෙනෙක් මං ළඟට ආවොත් ඒක වැඩි දියුණු කරලා දෙන්න පුළුවන්. කවදාවත් ශිල්පියෙක් නිර්මාණය කරන්න කාටවත් බැහැ. ශිල්පියෙක් හැමවිටම බිහිවිය යුතුයි.
* අලූත්ම නිර්මාණ
මේ දවස්වල නම් මගේ අතින් තනු නිර්මාණය වුණේ සුපරසිද්ධ ගායක ගායිකාවන්ට නෙමෙයි අපේ අලූත් පරපුරට. හැකියාව තියෙන එවැනි නවකයන් හතර දෙනෙක් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් මගේ වෘත්තිය හරහා දෙයක් කරන්න ලැබීම ගැන මම ඉන්නෙ ලොකු සතුටකින්. ඔය අතරෙ මමත් එක ගීතයක් ගායනා කළා.
වික්ටර්ට අසූවයි
* නැවත පරසංගයක්
ඒ ආදරණීය රසික රසිකාවියන්ගෙන් කොච්චර ඉල්ලීම් ගලාගෙන ආවත් ආයෙ වික්ටර් රත්නායක කියන මේ වගේ ඒකපුද්ගල පරසංගයක් දැකගන්න ලැබෙන එකක් නෑ. මොකද මේ වෙද්දි එක දිගට පැය තුන හතරක් ඉඳගෙන ගීත විසිපහක් තිහක් ගායනා කරන්න පුළුවන් තත්ත්වයක මම නැහැ. ඒක තමයි ස්වභාවය. සංගීතය මගේ වෘත්තිය වුණාට මගේ ශක්තියේ පරමාණය අනුවනෙ වැඩ කරන්න හැකියාව ලැබෙන්නෙ.
* බිරිඳගේ සහයෝගය
හැම කටයුත්තකදීම උපරිම ලෙස ලැබෙනවා. ඕනම අවස්ථාවක් තේරුම් අරගෙන තැනට ඕන විදියට ඒ කටයුත්ත ඉටුකිරීමට ඇය තුළ තියෙන අවබෝධය දක්ෂතාවය නිසා මෑත කාලයේ මගේ කටයුතු බොහෝ ලෙස සාර්ථක වුණා කියන එක මේ වෙලාවෙ මම කියන්නම ඕන.
* අද ගෙවන ජීවිතය
එදා වගේම බොහොම සරලයි. සාමාන්යයයි. අර කතාවක් තියනවනෙ ඇති දා රැ`ගුවෙත් නෑ නැති දා ඇ`ඩුවෙත් නෑ කියල. මම කැමති ඒ පරතිපත්තිය මත පොළවෙ පහ ගහලා ඉන්නයි.

ධම්මික හේවාවසම්
ඡායාරූප – සමන් රණවීර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...