Sunday, 6 March 2022


වනජීවි නිළධාරින්ට කටගැස්මට මුව මස් ලබා දුන් පුත්තලම නගරයේ හොටල් හිමිකරුවකු හා කළමණාකරු සමග මුව මස් කිලෝ 10 ක් වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

මෙම හෝටලය තුළ මත්පැන් පානය කිරීමට හා ආහාර ගැනිමට පැමිණේන පිරිස් වෙත වල්ඌරු හා මුව මස් සැපයිම සිදුකරන බවට ලැබුන තොරතුරකට මෙම වැටලිම සිදුකල බවයි.
වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජිවි නිළධාරින් ව්යාපාරිකයන් ලෙස පෙනි සිටිමින් අදාල හෝටලය වෙත ගොස් මත්පැන් පානය කිරීමට යැයි පවසා දඩ මස් ඉල්ලා ඇති අතර එහිදි වල්ඌරු මස් නැති බවත් පිසු මුව මස් ඇති බව පවසා ලබා දි තිබු බවයි.
මුව මස් පිගාන ලබා ගැනිමත් සමග වනජීවි නිළධාරින් එම ස්ථානයට කඩා වැදි අදාල හෝටලය තුල සගවා තිබු තවත් මුව මස් කිලෝ 10 ක් සොයා ගත් බව කියයි.


 හිරාන් ප්රියංකර ජයසිංහ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...