Sunday, 6 March 2022


රී ලංකාව ඔස්ටේරලියාවට පරාද වූයේ තරග 4-1ක් ලෙසිනි. ඉන්දියාවට පරාජය වූයේ 3-0ක් ලෙසය. මේ පරාජයන් දෙකම දරුණු පරාජයන්ය. ඒවා එක දිගට ලැබුණු පරාජයන් වීමෙන් දරුණු බව වැඩිය. පරතිවාදී කණ්ඩායම් දෙකද සුළුපටු නොවීය. එක් කණ්ඩායමක් ලෝක ශූරයෝය. අනෙක් කණ්ඩායම අංක එකේ පන්දු වාර 20-20 කණ්ඩායමය.

තරග පැවැත්වුණේ එම රටවලය. ගෙදරදී හැමෝම දක්ෂයෝ වෙති. ශරී ලංකා කරීඩකයෝ සංචාරකයෝය. ඒ අවාසියද ශරී ලංකාවට තිබුණි. ඔස්ටේරලියාවේ දේශගුණය ශරී ලංකාවට නුහුරුය. එහෙත් ඉන්දියාව කලාපීය රටකි. හුරු වෙන්නට දෙයක් නොතිබුණි. විනිසුරු තීරණ එකක් දෙකක් හරහට හිටි බව නම් සැබෑය. එහෙත් ඒවා කරිකට් කරීඩාවට නුහුරු දේවල් නම් නොවේය.
දැන් ශරී ලංකාව වෙනස්ම තරගාවලියක යෙදේ. එය ද ඉන්දියාව සමගය. ටෙස්ට් කරිකට්වලින්ද ඔවුහු ලෝක කරිකට් අනුශූරයෝ වෙති. ශ්රේණිගත කිරීම්වලින් ද දෙවැනි ස්ථානයේ පසුවෙති. එමතු නොව ඔවුහු කරිකට් ලොව දැවැන්තයෝ ද වෙති. ශරී ලංකාව එම දැවැන්ත බව හමුවේ කුමක් කරනු දැයි ලෝකයම දැන් බලා සිටී. ආසන්නතම 20 -20 කරිකට් තරගාවලි දෙකෙන්ම ශරී ලංකාවට වැරදුණි. ඒ නිසා පැරදුණි. දැන් පරාජයට හේතු සොයා ඵලක් නැත. හේතු කියා වැඩක් නැත. එහෙත් පරාජය යනු ජයගරහණයේ ඇරඹුම යැයි කියයි. ඒ ඇරඹුම ලැබෙන්නේ කොතනින්ද ?
රී ලංකා පේරක්ෂකයෝ මෑත අතීතයේ සිට සැමදා විමසන පැනය එයයි. පරාජයට ඇරඹුම පැමිණියද ජයගරහණයට ඇරඹුම නොඑන්නේය. නොඑන ඇරඹුමක් ගැන සිහින මවමින් පේරක්ෂකයෝ සුසුම්ලති. මේ මෑත කාලයේ ශරී ලංකාවේ කරිකට්වල හැටිය. අතීතයේ නම් එසේ නොවුණි. එකක් දෙකක් පැරදුණද එක දිගට පහ හයක් නම් නොපැරදුණි. පැරදුණද ගෞරවාන්විතව විය. දැන් ගෞරවය නිගරු වී ඇත. කීර්තිය බැස යමින් ඇත. එය හොඳ දෙයක් නොවේය. දිමුත් පරමුඛ කණ්ඩායම, දසුන් පරමුඛ කණ්ඩායම ගිය මග නොයා යුතුය. දසුන්ට තැන් කිහිපයකදී වැරදුණි.
රධානතම දඟ පන්දු යවන්නා ද නොමැතිව අසරණ වන්නට සිදු වුණි. ඒ වනිඳුය. ඒ මදිවට මහීෂ් තීක්ෂණ ද අහිමි වුණි. පරබල ඉන්දියාව මට්ටු කරන්නට සිටි තුරුම්පු දෙකක් නැති වුණි.
අහිමිවීම් නම් ශරී ලංකා කරිකට් පිලට දැන් ඕනෑ තරම් ඇත. ඉන් සමහරක් දසුන්ට මෙන්ම දිමුත් ටද පොදුය. ශරී ලංකා කණ්ඩායමට නිත්ය පරධාන පුහුණුකරුවකු නැත. නිත්ය පන්දු යැවීමේ පුහුණුකරුවකු ද නැත. නිත්ය පිතිකරණ පුහුණුකරුවකු ද නැත. අනිත්ය ලොවේ නිත්ය දේවල් නැතැයි මෙය බැහැර කළ නොහැක. පරධාන තරගාවලි තුනක් අභිමුවෙහි ශරී ලංකාව සටන් වදින්නට සැරසුණේ එසේය. එහි පරතිඵල ගොනා පසුපස එන ගැල මෙන් පැමිණියේය. එය නතර කරන්නට දිමුත් පරමුඛ කණ්ඩායමට හැකි වේද? ඉන්දියාවේ මොහාලිහිදී පෙරේදා ආරම්භ වුණේ ඊට පිළිතුරු සොයන සටනයි. ටෙස්ට් තරගාවලිය දිනුවහොත් විස්සයි විස්සේ දී ඇතිවූ කැළලද යන්තමින් අකා මකා ගත හැක. ඒ නිසා දිමුත්ට තරග කරන්න සිදුවී තිබෙන්නේ මල්ලිලා අතින් පහුගිය තරගාවලි දෙකක සිදුවූ වැරදිද වසන්නටය. එහෙත් ඉන්දීය අයියලා එයට ඉඩ දේ ද? 20-20 දී ශරී ලංකාවට හිස ඔසවන්න ඉඩ නොදුන්නේ ශරීයස් අයියර් ය. ඉන්දීය අයියලාගේ භූමිකාව වෙනුවෙන් මේ අයියර් තනිවම වැඩ පෙන්නුවේය. අයියර් අයියා කෙනකුගේ චරිතයක් රඟපෑවේය. ලොකු අයියලා පොඩි ගණන්වලට යද්දී මේ අයියර් ලොකු ගණන්වලට ගියේය. එහෙත් ශරී ලංකාවට අයියර් කෙනෙක් නොවුණි. දසුන් තනිව දුන් සටනද අවසානයේ සුන් විණි.
දිමුත්ට එසේ නොවේවායි අපි පතමු. ඔහුගේ ශක්තිය සඳහා මැතිව්ස්, ධනංජය, පැතුම්, තිරිමාන්න, ලක්මාල් මෙන්ම කලකට පසු කණ්ඩායමට පැමිණි දික්වැල්ල ද වෙති. අවැසි වන්නේ මේ සියලූ දෙනා සිය දක්ෂතා අතරට පැමිණීමය. 20-20 දී අසාර්ථක වූ පමණින් රෝහිත් ශර්මා ටෙස්ට්වල දී අසාර්ථක වේ යැයි සිතිය නොහැක. ඔහු කොයි මොහොතේ හෝ නැඟී සිටිනු ඇත. විස්සේ වාඩුවද ගනු ඇත. කෝලි මොහාලිවලට පෙරේදා පය තැබුවේ සිය සියවන ටෙස්ට් තරගයටය. සියය සියයකින් සමරන්න කෝලි වෙහෙසෙනවා ඇත.
කෝලිට සියය මෙන්ම ශරී ලංකාවට එය තුන්සියය විය. ඒ නිසා ශරී ලංකාවට ද මේ තරගය වැදගත් සන්ධිස්ථානයකි. තුන්සිය වැනි තරගය ජයගරාහී මතකයකින් නිමා කරන්නට ශරී ලංකා කණ්ඩායම වෙහෙසනවා ඇත. එහෙත් ඉන්දියාවට ගොස් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයගරහණය කිරීම ලොව ඕනෑම ජගතෙකුට ලේසි පහසු කාර්යක් නොවේය. ඔවුහු ආයාසයෙන් දිනති. ලේසියෙන් නොපරදිති. ශරී ලංකා කණ්ඩායම ද ඒ මග යා යුතුය. වැරදි අඩුපාඩු එමට තිබිය හැක. ඒවා පස්සට දමා දක්ෂතා ඉදිරියට ගත යුතුය. එසේ නොමැතිව ඉන්දියාව පරාජය කළ නොහැක. 20-20 ට වූ දෙය 300 වන ටෙස්ට් තරගයට වීමට ඉඩ දිය යුතු නැත.
දෙරට අතර අතීත ටෙස්ට් තරග වාර්තාව නම් ශරී ලංකාවට එතරම් යහපත් නොවේ. එහෙත් ශරී ලංකාව පළමු ටෙස්ට් ජයගරහණය ලැබුවේ ද මේ අසල්වාසීන්ට එරෙහිවය. මහේල සහ සංගක්කාර දකුණු අපරිකාවට එරෙහිව ලෝක වාර්තා තබන්නට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලෝක වාර්තා තැබුවේ ද ඉන්දියාවට එරෙහිවය. එදා ශරී ලංකාව රැස් කළ ලකුණු 952ක ඉනිම තවමත් එක් ඉනිමක ලොව වැඩිම ලකුණු සංඛ්යාව වේ.
ඉන්දියාව ශරී ලංකාව ගැන හොඳින්ම දන්නා රටකි. කොයි මොහොතක හෝ වෙනසක් කළ හැකි කණ්ඩායමක් ලෙස ශරී ලංකාව සැලකේ. ලෝකයම දන්නා ඒ රහස නොදත් අසල්වැසියකු වේද? කලක පටන් ශරී ලංකාව ඒ සම්බන්ධයෙන් ලොව පරකටය. සටකපට වී හෝ ඒ පරකට බව රැකගත යුතුය. මේ ඊට සුදුසු කාලයයි. එහෙත් දිනෙන් දින ලබන පරාජයන් පරමාණය වැඩි වේ නම් ශරී ලංකාවෙන් ඒ කීර්ති නාමයද වියැකී යනු ඇත. පරාජයේ අමිහිරි බව අමතක කර කීර්තියේ මිහිර රටට කැඳවා ගෙන ආ යුතුය.

කුෂාන් සුබසිංහ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...