ඉම්රාන් ඛාන් 1970 දශකයේ සිට දශක දෙකක කාලයක් ජාත්යන්තර ක්රිකට් ක්රීඩාවේ විශිෂ්ට ක්රීඩකයෙකි. ඔහු සිය පෞරුෂත්වය හා ප්රජා සේවය ලොව පුරා කීර්තියක් ලබා ඇත. පාකිස්තානයට 1992 වසරේ ලෝක කුසලානය දිනා දුන් නායකයා ඉම්රාන් ඛාන් බව නොරහසකි. 1992 මාර්තු මාසයේ 25 වැනිදා ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවරදී එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ඔහු මිලියන ගණනාවක ක්රීඩාලෝලීන් හමුවේ ප්රකාශ කර සිටියේ කුමක්ද?
‘මගේ ලෝකයේ සිහින දෙකක් තිබුණා. එකක් පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය මගේ ආදරණීය මව වෙනුවෙන් ජනතාවට පිළිකා රෝහලක් ඉදිකරදීම. අනික මගේ නායකත්වයෙන් පාකිස්තානයට ක්රිකට් ලෝක කුසලානයක් අත්කර දීම. මේ සිහින දෙකම මගේ ජීවිතයේ සැඳෑ සමයේදී සැබෑ කරගැනීමට මට හැකියාව ලැබුණා.’ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්යාලයෙන් දර්ශනය, දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ උපාධිධාරියකු වන ඉම්රාන් ඛාන් එවකට අන්තර්ජාතික ක්රිකට් පිටියේ සිටි එකම උපාධිධාරියා ද වූයේය. එක අවස්ථාවක ඉම්රාන් සිය කණ්ඩායම සමග ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර බොලිවුඞ් සිනමාවේ රංගනයට එක්වන්නැයි ඇරයුම් කළ චිත්රපට නිෂ්පාදකවරුන් ද විය. ඒ සියලූ ඇරයුම් ඔහු ඉතා කාරුණිකව ප්රතික්ෂේප කරනු ලැබුවේ ඇයි ඉන්දියාවට නළුවන්ගේ අඩුවක් තිබෙනවා දැයි’ සරදම් කරමිනි.
ඔහු 1996 දී පාකිස්තාන ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය ආරම්භ කළේය. අවසාන වශයෙන්, වසර 22 ක දේශපාලන අරගලයකින් පසු, ඔහුගේ පක්ෂය 2018 දී ජයග්රහණය ලැබීය. 2018 මහ මැතිවරණයේදී ”නව පකිස්තානයක්” නිර්මාණය කරන බවට ඔහු පොරොන්දු විය. සමබර අධ්යාපන ක්රමයක්, සෞඛ්ය සැලැස්මක්, දූෂණ විරෝධී බදු එකතු කිරීමේ ක්රමයක්, පාකිස්තානයේ ස්වයං තිරසාර බව, රැකියා උත්පාදනය, සම්මේලනය ශක්තිමත් කිරීම, පොලිසිය ප්රතිසංස්කරණය කිරීම, ආයෝජන ඉහළ නැංවීම, සංචාරක හා කෘෂිකාර්මික අංශ ශක්තිමත් කිරීම සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා ඉම්රාන් ඛාන් පොරොන්දු විය. වසර 1997 පාකිස්තාන මහමැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවූ අතර, 2002 මහමැතිවරණයෙන් ජයගනු ලැබුවේ එක් අසුනක් පමණි. ඒ අනුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඉම්රාන් ඛාන් අනතුරුව 2008 මහමැතිවරණය දූෂිත බවට චෝදනා න`ගමින් ඊට තරග නොකළේය. වසර 2013 මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ආසන 35ක් ජයගැනීමට සමත්විය. වසර 20ක දේශපාලන ජීවිතයේ විවිධ බාධක මැද ගලා ගිය ඉම්රාන්ගේ අගමැති සිහිනය සැබෑ කරමින් 2018 මහමැතිවරණයෙන් ඔහුගේ පක්ෂය ආසන 115ක් දිනා ගනිමින් පාකිස්තානයේ නව රජයක් බිහි කිරීමට සමත් වූයේ එරට 19 වැනි අගමැතිවරයා ලෙස ඉම්රාන්ගේ දේශපාලන ජීවිතයේ අග්රඵලය සටහන් කරමිනි.
ඉම්රාන් ඛාන් මෑත ඉතිහාසයේ සිය පූර්ණ ධුර කාලයම අගමැති තනතුරේ කටයුතු කරනු ඇති බව මුලින් ප්රකාශ වී තිබුණද ඔහුට අද අත්ව ඇති ඉරණම කුමක්ද? පසුගිය සිකුරාදා දිනයේ ඔහුට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවද එය හෙටට කල් ගොස් තිබිණි. සිය පක්ෂයෙන්ම ඔහුට එරෙහිව කැරැුල්ලක් ආරම්භ වී තිබේ. 2018 දී ඔහු බලයට පත් කිරීමට එරට බලවත් හමුදාවේ පූර්ණ සහයෝගය හිමිවිය. නමුත් දැන් හමුදාව ඔහු අතහැර ගොස් ඇත. හමුදාවේ සහය නොමැති නිසා ඔහුට එරෙහි විශ්වාශභංගය ජයග්රහණය කිරීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය. 2018 දී පාකිස්තාන හමුදාවේ හිතෛශිවන්තයා වූ ඉම්රාන් වසර හතරක් ඇතුළත ද්රෝහියෙක් වූයේ කෙසේද? එරට බලවත් හමුදාව ”ඉම්රාන් ඛාන් බලයට ගෙන ඒම සඳහා මැතිවරණ දූෂණය කළ පාකිස්තාන මාධ්යවේදී සේති පවසා තිබිණි. යුකේ්රනය ආක්රමණය ආරම්භ වූ දිනයේම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ මොස්කව් හි සාකච්ඡුා සිදු කිරීම වැනි කරුණු නිසා අගමැතිවරයා හමුදාවේ නොසතුටට පත්ව තිබේ. එසේම මෑත දේශපාලන රැස්වීමකදී ඉන්දියාවේ අගමැති මොදී ගේ විදේශ ප්රතිපත්තිය ඇගයීමට ලක් කිරීම රාවල්පින්ඩි නුවර මූලස්ථානය කරගත් හමුදා ජෙනරාල්වරුන්ගේ සතුටට හේතුවී නොමැත.
‘‘මම ඉන්දියාවට ආචාර කරනවා. පකිස්තානයට වඩා ඉන්දියාවේ විදේශ ප්රතිපත්තිය හොඳයි, ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය හමුදාව දූෂිත නැහැ, සිවිල් රජයට ඔවුන් කිසි විටෙකත් ඇඟිලි නොගසනයි” ඉම්රාන් ඛාන් ප්රසිද්ධ රැස්වීමකදී පාකිස්තාන හමුදාවේ නම සඳහන් නොකර ප්රකාශ කර තිබිණි. ඉන්දියාවේ මෙන් නොව විදේශ ප්රතිපත්තිය තීරණය කිරීමේදී පකිස්තාන හමුදාව කෙලින්ම සිවිල් ආණ්ඩුවට ඉහළින් සිටී. මේ බලපෑම හො`දින්ම දන්නේ අන් කවරකුවත් නොව ඉම්රාන් ඛාන්ම පමණි.
2018 දී හිටපු අගමැති නවාෂ් ෂරිෆ් චෝදනා කර සිටියේ හමුදා මාණ්ඩලික ප්රධානී ජෙනරාල් කමර් ජාවෙඞ් බජ්වා සහ හමුදා බුද්ධි සේවයේ හිටපු ප්රධානී ලූතිනන් ජෙනරාල් ෆයිස් හමීඞ් විසින් ඉම්රාන් ඛාන් බලයට ගෙනා බවය. නමුත් පසුගිය සතියේ ඉන්දීය මාධ්ය වාර්තා කර තිබුණේ එරට හමුදා ප්රධානි බජ්වා විසින් අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි. විශ්වාශභංග යෝජනාවේදී හමුදාව කිසිම පැත්තක් නොගෙන සිටින බව ප්රකාශ කිරීම අගමැතිවරයාගේ කෝපයට හේතුවී තිබේ. පසුගිය සතියේ පැවති මහජන රැලියකදී ඉම්රාන් ප්රකාශ කර සිටියේ ‘‘හොඳ සහ නරක අතර සටනක් ඇති විට දෙවියන් අපෙන් ඉල්ලා සිටින්නේ මධ්යස්ථ නොවන ලෙසයි. මධ්යස්ථ වන්නේ සතුන් පමණි.” ඔහු මේ ප්රකාශය හරහා හමුදාවට ටොක්කක් දුන්නේය. නමුත් හො`දම ටොක්ක දෙන්නට හැකි වන්නේ ඉම්රාන්ට නොව ජෙනරාල් බජ්වාටය. ජෙනරාල් බජ්වා හා තවත් හමුදා ප්රධානීන් හතර දෙනකු අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයාට තවදුරටත් සහය නොදීමට තීරණය වී තිබේ. මේ ස`දහා හමුදා බුද්ධි අංශයේ ප්රධානි ජෙනරාල් නදීම් අන්ජුම් සහභාගි වී ඇත.
හමුදා ජෙනරාල්වරු තම විසින් කෙටුම්පත් කළ ‘‘ඉම්රාන් ව්යාපෘතිය” සහමුලින්ම අසාර්ථක වී ඇති බව වටහාගෙන ඔහුව ඉවත් කිරීමට මාන බලති. මීට පෙර හමුදා බුද්ධි අංශ ප්රධානියා පත් කිරීම සම්බන්ධව හමුදාපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුමක් හටගත් අතර අවසානයේ ඉම්රාන් ඛාන්ට තමන්ගේ අඩිය පස්සට ගැනීමට සිදුවිය.
හමුදාවේ ස්ථාවරය, ඛාන්ට එරෙහිව තීරණාත්මක පියවරක් ගැනීමට විශාලතම විරුද්ධ පක්ෂ තුනට ජවයක් ගෙන දී ඇත. විපක්ෂ කණ්ඩායම් දැනටමත් විශ්වාසභංගයට පක්ෂව ඡුන්ද 162 ක් ලබා ඇති බව විශ්වාස කරන අතර, අගමැති විරෝධී බලවේග සිතන්නේ තමන්ට අවශ්ය ඡුන්ද 172 කරා ළඟා වීමට ඉම්රාන්ගේ පක්ෂයේම කණ්ඩායමකගේ සහය හිමිවනු ඇති බවයි. ටෙහ්රික්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ මන්ත්රීවරු දුසිමක් පමණ දැනටමත් අගමැතිට එරෙහිව කැරලි ගසා ඇති අතර ඔවුන් විපක්ෂය සමඟ එක්ව ඡුන්දය ප්රකාශ කරනු ඇත. මේ අතර අගමැතිට හිතවත් කණ්ඩායමක් ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් එක් පක්ෂයකින් බලයට පැමිණි මන්ත්රීවරයකුට එම පක්ෂයේ මතයට පිටින් ගොස් වෙනත් කණ්ඩායමක් හා එක්වී ඡුන්දය ප්රකාශ කිරීමට හැකියාව තිබේද යන්න පිළිබ`දව අධිකරණයේ මතය විමසා ඇත.
පාකිස්තාන දේශපාලන අර්බුදය ඇතිවීමට ප්රධාන හේතුවක් වන්නේ කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයයි. ලංකාවේ මෙන්ම පාකිස්තාන ආණ්ඩුවත් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටී. විදේශ සංචිත ඩොලර් බිලියන 15ට පහළ බැස ඇත. මිලියන 220ක් වෙසෙන පාකිස්තාන ජනතාවගේ ආහාර ප්රශ්නය විස`දන්නේ කෙසේද? මේ දේශපාලන අර්බුදය නිසා ආර්ථික අර්බුදය විස`දීම ස`දහා කාලය යෙදවීම දේශපාලකයන් අමතක කර ඇති බව එරට ප්රධානම පුවත්පත වන ‘‘ඩොන්” සිය කතුවැකිය මගින් ප්රකාශ කර තිබිණි. එහි මෙසේ ස`දහන් විය. ‘‘පකිස්තානයේ පවතින දේශපාලන කැළඹීම රජයට සහ එහි ආර්ථික ප්රතිපත්ති සම්පාදනයට නොසන්සුන් කාලයක් උදාකර දී ඇත. විශ්වාශභංගයක් මගින් අගමැති ඉවත් කිරීමට විරුද්ධ පක්ෂ කටයුතු කරන නිසා ආණ්ඩු පක්ෂය තම නායකයා බේරා ගැනීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ඇත. එසේ කිරීමෙන් ආර්ථික ප්රශ්න විස`දීමට කිසිම අවධානයක් නොයෙදෙයි.” (උපුටා ගැනීම අවසන්) ඇත්තෙන්ම දේශපාලන අස්ථාවර භාවය පාකිස්තානයේ ආර්ථිකය තවත් ඛේදයකට තල්ලූ කරන බව පැහැදිලිව කිව යුතුය. මෙය ලංකාවටත් හොද උදාහරණයකි. මේ අර්බුද අවස්ථාවේ ආණ්ඩු වෙනස් කිරීමෙන් සිදුවන්නේ තිබෙන අර්බුද තවත් උඩුදිවීම පමණකි. එය පාරේ බෝඞ් ඔසවාගෙන සිටින අයට නොතේරේ. කවරක් නමුත් පාකිස්තානය තවදුරටත් අස්ථාවර වුවහොත් යළිත් පාලන බලය ජෙනරාල්වරුන් විසින් උදුරා ගැනීමේ අවස්ථාව වැඩිය. මන්ද එරට සිවිල් ආණ්ඩුවට වඩා හමුදාව ඉතා බලවත් වන බැවිනි. පාකිස්තානයේ පළමු හමුදා කුමන්ත්රණය ඇතිවූයේ 1958 දීය. 1947 සිට පාකිස්තානය තුන් වතාවක් හමුදා නායකයින් විසින් පාලනය කර ඇත.
චතුර පමුණුව
Imran Khan has been an outstanding player in international cricket for two decades from the 1970s. He has a worldwide reputation for his personality and pagan service. It is no secret that Imran Khan was the captain who helped Pakistan win the 1992 World Cup. After winning the ODI World Cup in Melbourne, Australia on March 25, 1992, what did he say in front of millions of fans?
‘I had two dreams in my world. One was to build a cancer hospital for the people on behalf of my dear mother who passed away due to cancer. Also, under my leadership, Pakistan won the Cunningham World Cup. Imran Khan, a graduate in philosophy, politics and economics from Oxford University, was the only graduate of the international cricket field at the time.
At one point, Imran was also invited by filmmakers to join the cast of Bollywood movies during a tour of India with his team. He politely declined all those invitations, mocking why India has a shortage of actors.
He started the Pakistan Tehreek-e-Insaf (PTI) party in 1996. Finally, after 22 years of political struggle, his party won in 2018. He promised to create a “new Pakistan” in the 2018 general elections. A balanced education program, a health plan,Imran Khan pledged to fight anti-corruption tax collection, Pakistan's self-sustainability, job creation, strengthening the federation, police reform, boosting investment, strengthening the tourism and agriculture sectors and protecting women.
What is the fate of Imran Khan today, despite the earlier announcement that he will continue to serve as Prime Minister for the entire duration of his tenure in recent history? A no-confidence motion against him was due to be tabled in parliament last Friday, but was postponed until tomorrow. His own party has started a revolt against him. In 2018, he had the full support of the powerful military to bring him to power. But now the army has abandoned him.
Without the support of the military, the chances of the no-confidence motion against him winning are very high. How did Imran, the ally of the Pakistan Army in 2018, become a traitor within four years? Sethi, a Pakistani journalist who rigged elections to bring Imran Khan to power, said:
The prime minister has angered the military by holding talks with Russian President Vladimir Putin in Moscow on the same day that the invasion of Ukraine began. Also, the evaluation of Indian Prime Minister Modi's foreign policy at a recent political meeting has not pleased the army generals based in Rawalpindi.
(End quote) Indeed, it is clear that political instability is pushing Pakistan's economy into another tragedy. This is a good example for Sri Lanka as well. Changing governments in this time of crisis will only exacerbate existing crises. It's not understood by those who carry boards on the road. In any case, if Pakistan continues to destabilize, the generals are more likely to seize power again.
Because the military is far more powerful than the civilian government. The first military coup in Pakistan took place in 1958. Pakistan has been ruled three times by military leaders since 1947.
(Upeksha Wijesinghe)
No comments:
Post a Comment