Monday, 7 March 2022



1993 ජූනි 4 වන දින, ඔස්ටේරලියානු යොවුන් පා දඟ පන්දු යවන්නෙකු විසින් එංගලන්ත පිතිකරු මයික් ගැටින් වෙත යවනු ලැබූ පන්දුවක් ඔහුගේ පා ඉන්නෙන් පිටත පතිත වී නැවත දඟ කැවී පිතිකරුගේ කඩුල්ලේ වැදුනේ කිසිවකු නොසිතූ ආකාරයටය. මුළු කරිකට් ලෝකයම මේ තරුණයා ගැන අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ඉන් පසුවය. මේ දඟ පන්දුව 20 වැනි සියවසේ පන්දුව ලෙස හඳුන්වනු ලැබීය. එම පන්දු යැවීම තවමත් කරිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දුව ලෙස සැලකේ. පන්දුව යවනු ලැබුවේ ෂේන් වෝන් විසිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 23 කි. එහෙත් මේ සුපිරි කරිකට් තරුව දැන් අවසන් ගමන් ගොස් ඇත්තේ ලෝකයම වික්ෂිප්ත කරමිනි. පසුගිය සෙනසුරාදා දිනයේ තායිලන්තයේ දී ඔහුට වැළඳුණු හෘදයාබාධයක් නිසා වයස 52 දී අවසන් ගමන් යන්නට සිදුවිය. ඔහු තායිලන්තයේ කෝහ් සමුයි දි සෙනසුරාදා අලූයම් කාලයේදී මරණයට පත්ව ඇති බව ෂේන් වෝර්න්ගේ කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඔස්ටේරලියාවෙන් බිහි වූ තවත් විශිෂ්ටයකු ලෙස සැලකෙන රොඞ් මාර්ෂ්ගේ අවමංගල්යයෙන් පැය 24කට යෑමටත් මත්තෙන් මෙම පුවත වාර්තා විය.
ජීවිත කඩුල්ලට පමණක් පැරදුණු තණතිල්ලේ වීරයා ෂේන් වෝන්
වෝන් මෙල්බර්න් නගරයේ පිටතින් පැමිණි ලැජ්ජාශීලී හා හුරුබුහුටි පිරිමි ළමයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කරන විට කරීඩා වීරයෙකු හෝ ජාතික නිරූපකයෙකු විය හැකි පුද්ගලයකු බවට පත්වේ යැයි කිසිවකු සිතුවේ නැත. නමුත් පසුව ඔහු වීරයකු විය. කවරක් නමුත් වෝන් විශාල මහජන ආදරයක් රඳවා ගත් කරීඩකයකු ලෙස හැඳින්විය හැක. ඔස්ටේරලියාවේ ෂේන් වෝන් කරිකට් ලොව මෙතෙක් බිහි වූ සුපිරිතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකේ. 1969 වසරේ උපන් ෂේන් වෝන් සිය කරිකට් දිවිය ආරම්භ කළේ 1992 වසරේ ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීය. එහිදී ඔහු සිඞ්නි පිටියේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී එක් කඩුල්ලක් දවා ගත්තේය. එහෙත් ඔහුගේ ටෙස්ට් කරිකට් දිවිය අවසන් වන විට ඔහු නොදැවී කඩුලූ 708ක් ලබා සිටියේය. වෝන් ටෙස්ට් කරිකට් ඉතිහාසයේ කඩුලූ 700ක් ලබාගත් පළමු කරීඩකයා බවට පත්විය. රවී ශාස්තරි ටෙස්ට් කරිකට් පිටියේ වෝන්ගේ පළමු කඩුල්ල දවාගත් කරීඩකයා වේ. ඔහු සිය ටෙස්ට් කරිකට් ගමන ආරම්භ කළ පසේම වසර 15කට පසු සිය අවසන් ටෙස්ට් තරගයද කරීඩා කළේය. ඔහුගේ අවසන් කඩුල්ල වූයේ එංගලන්තයේ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ය. ජාත්යන්තර කරිකට් පිටියේ මේ වන විට කඩුලූ 1000 ඉක්මවා දවාගෙන ඇත්තේ දෙදෙනෙක් පමණි. එක්කෙනෙක් මුත්තයියා මුරලිදරන්ය. අනිත් කෙනා ෂේන් වෝන්. වෝන් එක්දින කඩුලූ 293ක් දවාගෙන තිබේ. 2007 වසරේ ජාත්යන්තර කරිකට් පිටියෙන් සමුගත් ෂේන් වෝන් 2013 වසර දක්වා විස්සයි 20 ලීගයට කරීඩා කළේය. ආසියානු තණතීරු දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසය වීමත් සමඟ ඔස්ටේරලියානු භූමියෙන් දඟ පන්දු යවන්නෙකු පැමිණ කරිකට් කරීඩාවේ සියලූම කණ්ඩායම්වලට තර්ජනයක් වීම විශේෂ සිද්ධියකි.
ජීවිත කඩුල්ලට පමණක් පැරදුණු තණතිල්ලේ වීරයා ෂේන් වෝන්
වසර 10කට අධික කාලයක් ඉහළින් වැජඹුණු ෂේන් වෝන් 2003 වසරේදී තහනම් උත්තේජක පරීක්ෂණයකට ලක්විය. මේ නිසා ඔහුට වසරක ජාත්යන්තර කරිකට් කරීඩා කිරීම තහනම් විය. මෙය ඔහුගේ කරිකට් දිවියේ කළු පැත්ත බවට පත් විය. කෙසේ වෙතත්, තහනම ඉවත් කර නැවත පිටියට පිවිසීමත් සමඟ ඔහු ටෙස්ට් කරිකට් පිටියේදී අසාර්ථක විය. 2007 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් කරිකට් පිටියෙන් සමුගත්තේය. ඔහු 2007 ෂඡුඛ වාරයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දුන්නේය. අවසන් මහා තරගයේදී දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ෂේන් වෝන්ගේ පිල ජයගරහණය කළේය. 2013 වසරෙන් පසු කරිකට් කරීඩාවේ සියලූ ආකාරවලින් විශරාම ගත් ෂේන් වෝන් එතැන් සිට රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.
එලිසබෙත් හර්ලි, සිය හිටපු පෙම්වතා වන ෂේන් වෝන් අභාවයෙන් පසු ‘ආදරණීය සිංහ හදවත’ සමුගත් බව සටහන් කරමින් ඔහුට උපහාර දක්වා තිබිණි.
මෙම යුවළ 2011 සහ 2013 අතර විවාහ ගිවිස ගත් අතර, ඔවුන්ගේ සම්බන්ධතාව සැලකිය යුතු මාධ්ය අවධානයක් දිනා ගෙන තිබිණි. ඬේමියන් හර්ලි එනම් එලිසබෙත්ගේ පුතා සටහන් කර තිබුණේ ෂේන් වෝන් යනු ‘‘මා දන්නා හොඳම මිනිසුන්ගෙන්
කෙනෙකි’’ යනුවෙනි. ඔහුගේ මව වෝන් මහතා සමඟ විවාහ ගිවිස ගන්නා විට ඬේමියන් ගේ වයස අවුරුදු නමයක් විය. හර්ලි ඉන්ස්ටගරෑම් හි සටහන් කර තිබුණේ මේ අභාවය නිසා මගේ හදවත බිඳී ගොස් ඇති බවයි. ඔහුගේ මව 2013 දී ෂේන් වෝන්ගෙන් වෙන් විය. මේ සුපිරි පන්දු යවන්නා සුනාමියෙන් විනාශ වූ ගාලූ කරිකට් පිටිය නැවත පරතිසංස්කරණය සඳහා සිදු කළ මෙහෙය මෙරට කරිකට් ලෝලීන් බැතියෙන් සිහි කරන බව රහසක් නොවේ.
සිරිමල් කළුවරගෙදර

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...