Friday, 11 March 2022


වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්යතා සදහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්රදේශයේ ප්රධාන පෙළේ පාසලක ගුරුවරියක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලෝචනී අබේවික්රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට (10) නියෝග කළාය.

අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස මහ හෝටලයේදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
එම පාසැලේ ‘අන්තර් පාසල් මහා ක්රිකට් තරගයේදී මෙම ගුරුවරිය අදාළ දරුවා හදුනාගෙන ඇති බවත්, පසුව අතපසුවූ අධ්යාපන කටයුතු සිදුකිරීම සදහා ඕනෑම මොහොතක අමතන ලෙසට දැනුම් දෙමින් ඇගේ ජංගම දුරකතන අංකය දරුවාට ලබාදී ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පසුව වසර හතරක් පුරා දරුවාගේ ජංගම දුරකතනයට වට්ස්අප් පණීවිඩ එවමින් ඔහු සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති අතර, දරුවා වසර 18ක් සපිරෙන තෙක් නොයෙක් ස්ථානවලට රැගෙන ගොස් ඇති බවත් කරුණු ඉදිරිපත් වී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ’
මේ වන විට අදාළ ගුරුවරිය පාසල් ශිෂ්යාගේ හැසිරීම හේතුවෙන් පාසලින් ඉල්ලා අස්වී ඇති බව ද ඇගේ පැමිණීල්ලෙන් දක්වා තිබූ බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...