Tuesday, 8 March 2022


2022 මාර්තු මස 22 වන දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවට සමාජ මාධ්යවල පුවතක් සංසරණය වෙයි.

එහි දක්වා තිබුණේ ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා එය මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවය.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නෙ එසේ පළවී ඇති පුවත් සාවද්ය ඒවා බවය.
අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන සුරාබදු බලපත්ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර 23ක් දිවයින තුළ ක්රියාත්මක වන අතර, ඒවාට අවශ්ය එතනෝල් ඇතුළු අමුද්රව්ය දේශීය වෙළෙඳපොළ තුළින් ලබාගැනීමේ හැකියාව මේ දක්වා පවතින බවද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
සුරාබදු කොමසාරිස් (නීති ක්රියාත්මක කිරීම්), මාධ්ය ප්රකාශක කපිල කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ, මෙම සාවද්ය වාර්තා නිසා නීතිවිරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදකයින් අතර සදාචාර සම්පන්න නොවන අලෙවිකරණ උපාය මාර්ගයන් අනුගමනය කිරීමටත් අවකාශ ලැබෙන හෙයින් එම වාර්තා හා ප්රවෘත්ති නිවැරදි කිරීමට ක්රියා කළ බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...