Tuesday, 8 March 2022


යුක්රේනයේ සිර වී සිටින ඉන්දීය ජාතිකයන් බේරා ගැනීම සඳහා එරට ජ්යෙෂ්ඨ අමාත්යවරුන් සිව්දෙනකු යුක්රේනයේ දේශසීමාව අසලට ගොස් ඇතැයි එරට මාධ්ය වාර්තා කළේය. ඉන්දීය රජය මේ පියවර ගෙන ඇත්තේ යුක්රේනයේ සිටින ඉන්දීය ජාතිකයන් බේරා ගැනීම සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි සහ එරට ජ්යෙෂ්ඨ නිලධාරින් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසුවය. ඒ අනුව සම්බන්ධීකරණ කටයුතු කිරීමට ජ්යෙෂ්ඨ අමාත්යවරුන් යුක්රේන දේශසීමාව අසල පිහිටි රටවල් වෙත ගොස් ඇතැයි වාර්තා වේ.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා දින ගණනාවක් පුරා එසේ සිරවී සිටි ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්යාව 16,000කට ආසන්න බව වාර්තා වූ අතර, ඉන් වැඩි ප්රමාණයක් සරසවි සිසු සිසුවියෝ වෙති.
එරට නිල ඇස්තමේන්තු අනුව යුක්රේනයේ වෛද්ය විද්යාව හදාරන 76,000ක් පමණ වන විදෙස් සිසුන්ගෙන් සියයට 25ක ප්රමාණයක් ඉන්දීය ජාතිකයෝ වෙති.
ඉන්දීය සිසුන් ද ඇතුළුව 12,000ක් පමණ වන ඉන්දීය ජාතිකයන් මේ වන විට යුක්රේනයෙන් පිට වී ඇතැයි ඉන්දීය විදේශ ලේකම් හාෂ් වර්දන් තහවුරු කර තිබේ. තවත් 40%ක ප්රමාණයක් මුදවා ගැනීම සඳහා යුක්රේනය වටා පිහිටි සෙසු රටවල සහාය ලැබී ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...