Tuesday, 1 March 2022


රුසියාව, යුක්‍රේන හමුදා කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් යුත්න හමුදා භටයින් අවම වශයෙන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි එරට බලධාරීහු පවසති.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, යුක්‍රේනයේ ඕක්ලිකා නම් කුඩා නගරයකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ය.

මේ වන විට රුසියානු හමුදාව ඕස්ටේකා නගරය වටලා ඇති අතර මෙම නගරය යුක්‍රේනයේ ඊසාන දිග කලාපයට අයත් නගරයකි.

ඊයේ දිනයේදි ත් මුදවා ගැනීමේ කණ්ඩායම්, ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

යුක්‍රේන පාර්ලිමේන්තුව ද මිය ගිය හමුදා භටයින්ට උපහාර දක්වමින් විවිටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

මේ අතර යුද්ධ ටැංකි, ට්‍රක් රථ, ඇදගෙන යන කාලතුවක්කු සහ ආධාරක වාහන ඇතුළත් සැතපුම් 40ක් (කිලෝමිටර 65ක්) පමණ දිගින් යුත් රුසියානු යුද්ධ රථ පෙළක් යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍යවල සඳහන් කරයි.


අමරා ලියාගත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...