Monday, 7 March 2022


ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්රමාණය කිරීමට ශ්රි ලංකා මහ බැංකුව කටයුතු කර ඇති අතර එය රුපියල් 230ක ට නොවැඩි මට්ටමකට පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි.

පවතින උග්ර විදේශ විනිමය අර්බුදය හමුවේ රුපියලේ අගය පීඩනයකට ලක් කොට රඳවා තැබීම සම්බන්ධයෙන් ආර්ථික විශෙෂඥයන් සහ ජාත්යන්තර මූල්ය අරමුදල යෝජනා කර තිබූ එක් යෝජනාවක් වූයඉල්ලුම් සැපයුම් අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ දැමිය යුතු බවය.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්රි ලංකා මහ බැංකුව තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.
“බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්රතිපත්ති මාලාවක් ප්රකාශයට පත්කරන ලදී.
එමෙන්ම, ශ්රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්ය වෙළඳපොළ ප්රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.
ඒ අනුව, වහාම ක්රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ. විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.
ශ්රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්ය පරිදි සුදුසු ප්රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...