රුසියානු ජාතික යුවළක් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඊයේ (23) රාත්‍රියේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබුණි.
ඒ දකුණු කළුතර පළාතොට මාර්ගයේදී ය.
අවස්ථා කිහිපයකදී ඔවුන් දෙස අවධානයෙන් සිටි යතුරුපැදිකරුවෙක් ඊයේ රාත්‍රියේ එම යුවළගේ ගමන් මල්ල උදුරාගෙන ගොස් තිබුණි.
රුසියානු ජාතික යුවළ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසියට පැමිණි කර තිබේ.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ සිය ගමන් බෑගය තුළ යුරෝ, අමෙරිකානු ඩොලර්, ශ්‍රී ලංකා මුදල් සහ ගමන් බලපත්‍ර තිබූ බවය.
සිද්ධිය සිදුවූ ස්ථානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී නිලධාරීන්ට අනාවරණය වී තිබුණේ සැකකරු අවස්ථා කිහිපයකදීම එම ස්ථානයේදී රුසියානු ජාතික යුවළ ගමන් කිරීමේදී ඒ අසල ගැවසී ඇති බවය.
සැකකරු සොරකම සිදු කිරීමේදී යතුරුපැදියේ අංක තහඩුවේ කොටසක් නොපෙනෙන ලෙස මේස් එකකින් ආවරණය කරගෙන පැමිණ ඇත.
කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් සහ දකුණු කළුතර පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් සැකකරුව කිතුලාව ප්‍රදේශයේ ආපනශාලාවක් තුළදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔහු ගමන් කළ යතුරුපැදියේ ආසනය යට තිබී රුසියානු ජාතික යුවළගේ ගමන්මල්ල සොයාගෙන ඇත.
එහි තිබී යුරෝ 1335ක් අමෙරිකානු ඩොලර් 1650ක් රුපියල් 3250ක් බැංකු කාඩ්පත් සහ රුසියානු ජාතික යුවළගේ ලියකියවිලි රැසක් ද සොයාගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර පොලීසිය පවසන්නේ සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවය.
සැකකරුව හෙට (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

No comments:
Post a Comment