සෞඛ්ය ගැටලු සහ අසාත්මිකතා ඇතිවීමේ අවදානමක්
රූපලාවන්ය කටයුතු සඳහා යොදා ගන්නා ලක්ෂ පනහක් පමණ වටිනා ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (22 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ප්රකාශක, නියෝජ්ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා ප්රකාශ කළේය.
රජය මෑතකදී ආනයන සීමා කරමින් නිකුත් කළ ගැසට් පත්රයේ නිර්දේශවලට පටහැනි වීම, ඖෂධ නියාමන අධිකාරියේ නිසි බලපත්රයක් නොමැතිව ඩුබායි හි ලියාපදිංචි නොකළ මෙම ආලේපන තොගය භාවිත කරන්නන් හට සෞඛ්ය ගැටලු සහ අසාත්මිකතා ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි නිසා රේගු නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. කොළඹ සහ මීගමුව ප්රදේශයේ පදිංචි 10 දෙනකුගෙන් සමන්විත ව්යාපාරිකයන් පිරිසක් මෙම ආලේපන තොගය තම ගමන් මලුවල අසුරා රැගෙන විත් තිබුණි.
ටී. කේ. ජී. කපිල – කටුනායක

No comments:
Post a Comment