Sunday, 6 March 2022


පසුගිය 24 වැනි බරහස්පතින්දා මොස්කව් වේලාවෙන් උදෑසන 05:55ට (ශරී ලංකා වේලාවෙන් උදෑසන 08.25ට) පමණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ යුකේරනයේ නැගෙනහිර ඩොන්බාස් පරදේශයේ ”විශේෂ හමුදා මෙහෙයුමක්” දියත්කර ඇති බව යි. ඒ අනුව රුසියාව වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ආණ්ඩුවට එරෙහිව මෙහෙයුම් ආරම්භ ඇති බව ලෝකයටම අවබෝධ විය. ජනපති පුටින් මේ මෙහෙයුමට සූදානම් වූයේ පසුගිය වසරේ සිටය. බටහිරගැති රූකඩයක් වන හිටපු විකට නළුවාගේ ආණ්ඩුව වෙනස් කිරීමේ අරමුණින් රුසියාව යුකේරන ආකරමණය සිදුකර ඇති බව පැහැදිලිය. ඇත්තෙන්ම මෙය බටහිර ලෝකයත් ජනපති පුටින් අතර ගැටුමකි. එනිසාම කිව් නගරය වෙත මිසයිල වැසි වසී. යුකේරන යුද්ධය නැවැත්වීමට කවරකු හෝ උත්සහ කරන්නේ නම් ඒ රටට හෝ ඒ අදාළ කණ්ඩායමට ඉතිහාසයේ නොවූ විරූ අත්දැකීමට මුහුණදීමට සිදුවන බව පුටින් අනතුරු ඇඟවීය. 2022 වසරේ එක් උදෑසනක තවත් රටක් ආකරමණය සඳහා යුද ටැංකි යවන ස්ලාව් නායකයා නවත්වන්නට කිසිවෙකුට නොහැකි විය. ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් රුසියානු නායකයාට තර්ජනය කරන්නේ ට්විටර් හරහා පමණි. හිටපු ජනපති ඩොනල්ඞ් ටරම්ප් රුසියානු නායකයා අගයමින් වත්මන් ඇමෙරිකානු නායකයා බිහිරෙක් ලෙස හඳුන්වා තිබිණි. ටරම්ප් පවසා තිබුණේ තමන් ජනපති ධුරයේ සිටියා නම් මෙවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බවයි.

2008 දී පුටින් ජෝර්ජියාවට සිය හමුදාව යවා දින පහක යුද්ධයක් සිදු කළේය. 2014 දී කරිමියාව තමන් සතු කර ගත්තේය. 2022 දී යුරෝපයම භීතියට ලක්කරමින් යුකේරන ආකරමණය සිදුකර ඇත. නූතන හිට්ලර් පුටින් ද? මහා ජර්මනිය ඇති කිරීමේ සිහිනය ඇතිව හිට්ලර් අනෙක් රටවල් ආකරමණය කළ ආකාරයට රුසියානු ජනපතිවරයා තම මව්බිම එක්සේසත් කිරීමේ මෙහෙයුමක යෙදී සිටී. මේ සඳහා පුටින් ආදර්ශ ගන්නේ කාගෙන්ද? ඔහුගේ සීයා ජෝශප් ස්ටාලින්ගේ හා ලෙනින්ගේ අරක්කැමියා ලෙස සේවය කර ඇත. නමුත් පුටින් යන්නේ ස්ටාලින්ගේ පාරේ නොවේ. බොහෝදෙනා නොදන්නා කරුණක් වන්නේ පුටින්ගේ ආදර්ශය වන්නේ ඔහුගේ හිටපු පරධානියකු වූ ශාන්ත පීටර්ස්බර්ග් හි නගරාධිපති වූ ඇනතොලි සොබ්චැක් ය. එවක පුටින් ශාන්ත පීටර්ස්බර්ග් හි නියෝජ්ය නගරාධිපති විය. පුටින් විදේශ බුද්ධි නිලධාරියකු වශයෙන් කේ. ජී. බී. සංවිධානයට වසර 16 ක් සේවය කර ඇත. ඔහු එයට බැඳුණේ 1975 දීය. මේ තරුණ නිලධාරියාගේ විශේෂ යමක් ඔහුගේ පුහුණුකරුවන්ට දැකගත හැකි විය. එය කවරක්ද? පුටින් අන්තරාය පිළිබඳ හැඟීම අඩු පුද්ගලයෙක් බවයි. මම සහ ඔබ සාමාන්යයෙන් බියවන දේට පුටින් බිය නොවේ. එවන් පුද්ගලයකු රටේ නායකයා වූ විට කවරක් වන්නේද? සෝවියට් සංගමයේ ලෙනින්ගරාඞ් හි දී 1952 වසරේ ඔක්තෝබර් 07 වැනිදා උපන් පුටින් කුඩා කාලයේම තමන්ට අවශ්ය වන්නේ ඔත්තුසේවා නිලධාරියකු වීමට බව පරකාශ කර තිබිණි. වෙන ළමයි නම් කියන්නේ කුමක්දැයි කවුරුත් දනී. නමුත් මරියා හා ව්ලැදිමීර් යුවලගේ දරුවා වෙනස් අයෙකි. ඔහු කුඩාකල සිටම ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරීය. එක් අවස්ථාවක ඔහු තම ආත්මාරක්ෂක සටන් පුහුණුකරුවා සමග වාහනයක ගමන් කරමින් සිටියේය. එය පදවනු ලැබුවේ පුටින් විසිනි. වාහනය පදවන ගමන්ම ඔහු අසලින් ගමන්ගත් ලොරියක තිබූ පිදුරු ගොන්නක් අත දමා ගැනීමට උත්සහ කළ නිසා වාහනය අනතුරට ලක් නොවී බේරුණේ අනූනවයෙනි. මේ නිසා කෝපයට පත් පුටින්ගේ ගුරුවරයා පරශ්න තිබුණේ මෙහෙම අනතුරුදායක වැඩ කරන්න මොකද කියාය. නමුත් සිනහසෙමින් පුටින් පවසා ඇත්තේ පිදුරු සුවඳ පරිය වූ නිසා එය ගන්නට උත්සහ කළ බවයි. දැන් මේ ආකරමණයත් ඉතා අනතුරුදායකය. ආර්ථික සම්බාධක රූබලය බිම වට්ටා තිබේ. නමුත් මේ ගැන පුටින් බිය නොවේ. පුටින් කම්පනය නොවන නායකයෙකි.
1991 දී කේජීබීයෙන් විශරාමගත් පුටින් ශාන්ත පීටර්ස්බර්ග් හි දේශපාලන කටයුතුවලට ඇතුළත් විය. 1996 දී මොස්කව් වෙත ගිය පුටින් ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ ආණ්ඩුවට සම්බන්ධ විය. ඉක්මනින් තනතුරුවලින් ඉහළට ගිය පුටින්, යෙල්ට්සින් පදවිය අත්හැරීම නිසා 1999 දෙසැම්බර් 31 වැඩබලන ජනාධිපති බවට පත්විය. 2000 ජනාධිපතිවරණය ඡන්ද සියයට 53 ක් ලබා ගනිමින් ජයගරහණය කළේය. දැන් ඔහුට 2036 තෙක් අවශ්ය නම් බලයේ සිටිය හැක.
1999 දෙසැම්බර් 31 ඔහු ජනාධිපති ධුරයට පත් වූයේ බිල් ක්ලින්ටන් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හොබවමින් සිටියදීය. එතැන් පටන් මේ දක්වා දශක දෙකක කාලය තුළ ඇමරිකාව තුළ තවත් ජනාධිපතිවරුන් පස්දෙනෙකු පත්ව තිබේ. එහෙත් පුටින්ගේ බලය වෙනස් වී නැත. පූටින් ජනාධිපති ධුරයට පත් වන විට ශරී ලංකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළේ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇයගෙන් පසු මේ දක්වා ශරී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා තවත් තිදෙනකු තේරී පත්ව තිබේ. 2003 වසරේදී බිරතාන්ය රැජින ද ජනාධිපති පූටින්ට සංචාරයක් සඳහා ආරාධනා කළ අතර 1874 පසු එක්සත් රාජධානියේ නිල සංචාරයක යෙදුනු පළමු රුසියානු නායකයා ඔහුය. සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වී සිව් වසරක් ගත වෙමින් තිබියදී රුසියාව, සිය මිතර පාර්ශ්වය වන සිරියානු ජනාධිපතිට සහය දීම සඳහා මැදිහත් විය. ඒ ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආණ්ඩුව බලවත් අර්බුදයකට ලක්ව සිටියදීය. රුසියානු පරහාරක යානා සහ අවි ආයුධ සිරියාව වෙත යැවීමට ජනාධිපති පූටින් ගත් තීන්දුව හමුවේ සිරියානු භූමියේ පැවති බල සමතුලිතතාව වෙනස් විය. අයිසිස් විනාශ කිරීම වෙනුවෙන් රුසියාව කළ මෙහෙය කිසිවකුට අවතක්සේරු කළ නොහැකිය. ඒ සියල්ල පුටින්ගේ අභීත තීරණ වේ. 2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඞ් ටරම්ප් ජයගරහණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණ පරචාරණ ව්යාපාරයට රුසියාව බලපෑම් කර ඇති බව ඇමරිකානු බුද්ධි අංශවල නිගමනය විය. රුසියාව එම චෝදනා පරතික්ෂේප කර තිබිණි. එංගලන්තයේදී විෂ ශරීරගත කර රුසියාවේ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියකු මරා දැමීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය 2018 වසරේදී රුසියාවට චෝදනා කර තිබිණි.
ජනාධිපති පුටින්ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ අවසරය හිමිවූයේ 2020 නොවැම්බරයේදීය. මෙම පනතට අනුව, පුටින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවකුට නොහැකි වේ. රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්තරී මණ්ඩල දෙකෙහිම බලය පවතින්නේ ජනාධිපති පුටින් සතුව ය. ජනාධිපති පුටින්ගේ හතරවැනි ධුර කාලය අවසාන වන්නේ 2024දී ය. එමෙන්ම තවත් වාර දෙකක් සඳහා තරග වැදීමට ඔහුට වරම් තිබේ. 69 හැවිරිදි පුටින්ගෙන් පසුව බලය පැවරෙන අනුපරාප්තිකයකු සිටින බවක් තවමත් පෙනෙන්නට නැත. 2020 ජුලි මාසයේ පැවති ජනමත විචාරණය විපක්ෂය විසින් හෙළා දැක තිබුණි. ඔවුන් පරකාශ කර තිබුණේ ”මුළු ජීවිත කාලයටම ජනාධිපතිවරයා” ලෙස කටයුතු කිරීමේ අවස්ථාව උදා කර ගැනීම එහි අරමුණ වූ බවය. පුටින්ට ”රුසියානු අධිරාජ්යයක්” නිර්මාණය කිරීමට අවශ්ය බවත් යුකේරනය නැවත රුසියාවේ කක්ෂයට ඇද ගැනීමට අවශ්ය බවත් ඇමෙරිකානු බුද්ධි නිලධාරීන් මීට මාස කිහිපයකට පෙර පරකාශ කර තිබිණි. පුටින් ජනපතිවරයා යුකේරනය රුසියාවේ ”ඔටුන්න” ලෙස හඳුන්වා තිබූ අතර දෙරටේම ජනතාව එකම ජනකොටසක් බව අවධාරණය කර තිබිණි. යම් හෙයකින් යුකේරන සටන රුසියානු පාර්ශ්වයට අවාසිදායක වුවහොත් එය පුටින්ගේ බලවත් ජනපති ධුරය දෙදරවන්නක් විය හැකිය.

චතුර පමුණුව

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...