Monday, 7 March 2022


මෙතෙක් ලොව බිහිවූ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ෂේන් වෝන් පසුගිය සිකුරාදා මියගියේය.

මිතුරන් පිරිසක් සමග තායිලන්තයේ සංචාරයක් සඳහා ගොස් සිටියදී ඔහු, සිය කාමරය තුළ මියගොස් තිබේ.
ඔහුගේ මර්ණයට හේතුව අද තායිලන්ත පොලීසිය හෙළිදරව්ව කළේය.
එහි සඳහන් වන්නේ ඔහුගේ මරණය ස්වාභාවික මරණයක් බවය.
මේ සම්බන්ධයෙන් වෝන්ගේ පවුලේ සාමාජිකයන් වෙත දැනුම්දී ඇති බවද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.
අභාවප්රාප්ත වූ වෝන්ගේ දේහය ඔස්ට්රේලියාවට රැගෙන යාම සඳහා බැංකොක් හි කොන්සල් කාර්යාලය වෙත රැඟෙන ගොස් තිබේ.
ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම පා දඟපන්දු යවන්නෙක් ලෙස සැලකෙන වෝන් පසුගියදා තායිලන්තයේදී අභාවප්රාප්ත විය.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
1992 සිට 2007 දක්වා ටෙස්ට් පිටියේ දස්කම් දැක්වූ වෝන්, ටෙස්ට් කඩුලු 708ක් හිමිකර ගෙන තිබුණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...