Thursday, 24 March 2022


එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුමිපත අද (මාර්තු 24) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව, 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමත වීමෙන් අනතුරුව එය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 සහ 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරිම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙළ කර තිබිණි.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...