වසර 26කට පසු මෙරට දීර්ඝතම විදුලි කප්පාදුව අද (02) සිදු කෙරෙයි.
ඒ පැය 7යි මිනිත්තු 30ක කාලයකි.
ඒ අනුව එය 1996න් පසුව දිනක් තුළ වැඩිම කාල පරාසයකට මෙරට සිදු කෙරෙන විදුලිය කප්පාදුවය.
මේ අතර හෙටත් පැය 07යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර එළඹෙන 5 වැනිදායින් පසු විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
මේ අතර දිවයින පුරා ක්රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් මෙරට නිදහස් වෙළෙඳ කලාප 14 ක පිහිටි කර්මාන්තශාලා 280ක පමණ මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව නිදහස් වෙළෙඳ කලාප අයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්රනාන්දු මහතා පැවසීය.
මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජලවිදුලි නිෂ්පාදනය පහත වැටෙමින් තිබේ.
අද වනවිට කාසල්රී ජලාශයේ ජල මට්ටම 21.9%ක් ලෙසත්, සමනලවැව ජලාශයේ 27.%ක් ලෙසත්, කොත්මලේ ජලාශයේ 36.2%ක් ලෙසත්, මාවුස්සාකැලේ, වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශවල ජලමට්ටම් පිළිවෙලින් සියයට 41.4ක්, 43.2ක් සහ සියයට 62.2ක් දක්වාත් පහත වැටී තිබේ.
පසුගිය වසරේ මාර්තු - අප්රේල් කාලවල ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා අඩුවෙද්දී තාප බලාගාරවල දායකත්වය සියයට 80 දක්වා වැඩිකර ගැනීමට හැකිවුණේ ඉන්ධන අර්බුදයකින් තොරව සපයාගැනීම හේතුවෙනි.
නමුත් මේ වසරේ උද්ගතවූ ඩොලර් අර්බුදයත් සමඟ ඉන්ධන සපයාගැනීමේ ගැටලුවක් නිර්මාණය වූ අතර ඒ අනුව තාප බලාගාරවලින් විදුලිය සපයාගැනීමේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබේ.
No comments:
Post a Comment