Wednesday, 2 March 2022


යුක්‍රේන ආක්‍රමණයට එරෙහි බටහිර රටවල් වල ප්‍රතිචාරය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැරදි ලෙස විනිශ්චය කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයින් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අද (මාර්. 2) සිදු කළ පළමු වාර්ෂික දේශනයේදි ය.

"නිදහස සැම විට ම කුරිරු පාලනය පරයා ජයග්‍රහණය කරනු ඇතැයි" ඔහු එහිදී අවධාරණය කළේ ය.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂි සාමාජිකයින් යුක්‍රේනයට සහයෝගය දැක්වීමට බයිසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූයේ එක හඩින් අත්පොළසන් දෙමිනි.

"පුටින්ගේ යුද්ධය කලින් සැලසුම් කරන ලද සහ ප්‍රකෝප කිරීමකින් තොරව සිද්ධ වුණා. ඔහු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා නැවත නැවත උත්සහ කිරීම ප්‍රතික්ෂේප කළා," ඔහු පැවසීය.

බටහිර රටවල් සහ නෙස්ටෝ සංවිධානය යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව ප්‍රතිචාර නොදක්වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා සිතු බව ත් තමන් ඇතුළු රටවල් බෙදා වෙන් කළ හැකි යැයි ඔහු සිතු බව ත් ජනාධිපති බයිඩින් ප්‍රකාශ කළේ ය.

ඔහු නිවේදනය කළේ, කැන්ඩියානු සහ යුරෝපීය බලධාරීන් ගත් පියවර හා සමානව අමෙරිකානු ගුවන් කලාපය සියලු රුසියානු ගුවන් යානා සඳහා තහනම් කිරීමට පියවර ගන්නා බව ය.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් රුසියාවේ ආර්ථිකයට සහ මූල්‍ය පද්ධතියට සහ රුසියානු ජනාධිපතිවරයාට එරෙහිව සම්බාධක මාලාවක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දුන්නේ, "ඔහුට සිද්ධ වෙන්න යන දේ ඔහුවත් නොදන්නා" බව ජනාධිපති ජෝ බයින් පිටපතෙන් බැහැරව රුසියානු ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූ බව ය.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...