Friday, 25 March 2022


පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, එරට ප්රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වීමට තිබු නමුත් එය ලබන 28 වැනිදා තෙක් කල් දැමුණි.

‘පාකිස්තාන ජනතා පක්ෂය’ විශ්වාසභංග යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය 8 වැනිදාය. ඡන්ද විමසුම පැවැත්වීමෙන් පසු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ මන්ත්රීවරුන් පමණක් නොව, අග්රාමාත්ය ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පාලක පක්ෂයේ කැරැලිකාර මන්ත්රීවරුන් පිරිසක් ද සූදානමින් සිටි බව පැවැසිණි.
පසුගිය පෙබරවාරි 15 වැනිදා පාකිස්තාන පාර්ලිමේන්තු මහ ලේකම් ඛායල් සමාන් අභාවප්රාප්ත විය. ඛායල් සමාන් පිළිකා රෝගියෙකු බව පැවැසෙයි. උදෑසන 41 වැනි පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූයේ ඛායල් සමාන් මෙන්ම, පෙෂාවෝර් නගරයේ සිදුවුණු ත්රස්ත ප්රහාරයකින් මියගිය අය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කරමිනි.
පාකිස්තාන පාර්ලිමේන්තු සම්ප්රදායට අනුව, පාර්ලිමේන්තු සාමාජිකයකු මියගිය පසු ඇරැඹෙන පාර්ලිමේන්තු සැසිය වෙන් වන්නේ, මියගිය අය සිහිපත් කරමින් ගුණඅනුස්මරණය සඳහාය. ඒ අනුව, විශ්වාසභංගට අදාල ඡන්ද විමසුම පැවැත් වූයේ නැත.


(රොයිටර්)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...