මරණින් පසුව ඇස් , ශරීර කොටස් දන් දීම සම්බන්ධයෙන්
පොරොන්දු පත්රය සහ විස්තර සදහා
ඔබ මියගිය පසු ඔබේ ඇස් දෙක දන් දීමට ඔබට පොරොන්දු පත්රයක් අත්සන් කිරීමේ හැකියාව තිබෙන අතර මේ සමිබන්ධයෙන් කිසිදු සාමාජික මුදලක් හෝ වෙනත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ.
පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
(අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවී වීමේදී දායක අංකය සහිත පොරොන්දු පත්රය .pdf ෆයිල් එකක් ලෙස බාගත වීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනය සිම්පල් අකුරින් නිවැරදිව ලබා දීම අනිවාර්ය වේ.)
*යම් කිසි අයෙකුට .pdf ෆයිල් එක ලැබී නැතිනම් ඔබ ලියාපදිංචි වීම සඳහා ලබාදුන් ඔබගේ නම හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය tissuebanksl@gmail.com වෙත ඊ මේල් කරන්න.
.pdf ෆයිල් එකක් ලෙස බාගත වූ පොරොන්දු පත්රයේ මුද්ද්රිත පිටපතක් නිවසේ පෙනෙන තැනක තබා. ඔබ පවුලේ සාමාජිකයින් දැනුවත් කරන්න.
රු.15 මුද්දර ඇලවූ දිග ලියුම් කවර 2ක් ගෙන එක් ලියුම් කවරයක ඔබගේ නම ලිපිනය ලියා, අනෙක් ලියුම් කවරය තුලට දමා එම ලියුම් කවරය පහත ලිපිනයට යවන්න.
"ශ්රී ලංකා අක්ෂිදාන සංගමය",
විද්යා මාවත,
කොළඹ 07.
ශ්රී ලංකා අක්ෂිදාන සංගමය (කොළඹ) -
011-2692051 ,
011-26980 40/41/43
By Health News

No comments:
Post a Comment