Monday, 21 March 2022


අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 285ක් දක්වා අද (මාර්තු 21) ඉහළ ගොස් තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් ම සිය වෙබ් අඩවිවල අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 285ක් ලෙස ත් ගැනුම් මිල රුපියල් 275ක් ලෙස ත් දක්වා ඇත.

ආර්ථික විශේෂ ඥයින් පෙන්වා දෙන්නේ, මෙම තත්වය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය පාරිභෝගිකයන් භාණ්ඩවල මිල ඉහළ යාම මෙන් ම ආර්ථික කටයුතුවලට ද තවදුරට ත් බලපෑම් එල්ල වනු ඇති බව ය.

රුපියල පාවීමට' මාර්තු 9 වන දා සවස සිට ඉඩ දිමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේ ය.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබිලිව්.ඒ. විජේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ, රුපියල පා කිරීමට ගත් තීරණය සමග අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 260 සීමාව ඉක්මවා යනු ඇති බව ය.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...