Monday, 21 March 2022

ඉදිරියේදී විදුලි ගාස්තු ද 500%කින් වැඩි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයස්කාර මහතා පවසයි.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, විදුලි ඒකක 30ක් සඳහා අය කළ ගාස්තුව 500%කින් ඉහළ යනු ඇති බවට තමන්ට දැන ගන්නට ඇති බව ය.

"දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මම හිතන්නේ ලයිට් බිල වැඩි වේවි. දැන් ආරංචි තියෙන විධියට විදුලි බල මණ්ඩලයට දීල තියෙන යෝජනාවට අනුව, ඒකක 30ක් තිබුණු මිලට වඩා 500% කින් වැඩි වෙනවා ලයිට් දාන්න නෙමෙයි, ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ ලයිට් දාන්නේ නැතුව. පෑන් එක දිහා බලාගෙන හිටිය හැකි පෑන් එකක් තියෙනවා කියලා. එතනට වැටිලා තියෙන්නේ අපි දැන්."

මේ සම්බන්ධයෙන් අපි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතාගෙන් විමසිමක් කළෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.


තාරක සම්මාන්, තමිනා රසීක්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...