ඉන්දීය හිටපු ප්රවීණ ක්රීඩක කපිල් දේව් විසින් තැබූ වසර 35ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය ක්රීඩක රවින්ද්ර ජඩේජා සමත්වී තිබේ.
ඒ ශ්රී ලංකා කණ්ඩායම සමග පැවත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දී 7 වන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් නොදැවී ලකුණු 175ක් ලබාගනිමිනි.
7 වන ස්ථානයට පැමිණි ඉන්දීය පිතිකරුවෙකු විසින් ටෙස්ට් ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්යාව ලෙස 1986 වසරේ දී ඉන්දීය හිටපු ක්රීඩක කපිල් දේව් ලබාගත් ලකුණු 163, වාර්තා අතරට එක්ව තිබුණි.
ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 8කට ලකුණු 574ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.
No comments:
Post a Comment